දේශීය පුවත්

ඊයෙ (10) දින පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්දයෙන් පාර්ළිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් පාර්ළිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසා සිටියේ පාර්ළිමේන්තුවේ ඉන්න අන්තවාදී දේශපාළකයන් විසින් පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද සහරාන්ට පාර කපා දුන් බවත් වසර ගණනාවක් තිස්සේ මෙම ඉස්ලාම් අන්තවාදී දේශපාළක රොත්ත විසින් සහරාන්ලා පෝෂණය කළ බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා මෙසේද පැවසීය.

”මේ පාස්කු ප්‍රහාරය අහඹු සිදුවීමක් නෙවෛයි. වසර ගණනාවක් තිස්සේ සිදුකරන ලද ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් තමයි අපිට අත්විදින්නට සිදුවුණේ. ඉතිහාසයේ ශ්‍රී දළාදා මාළිගාවේ සේවය කරපු මුස්ලිම් මිනිස්සු හිටියා. ඔවුන් මස් මාංශ අනුභ්ව කළේ නෑ. ඔවුන්ගේ ආගම ඉස්ලාම් උණත් ඔවුන් දළදා මාළිගාවේ සේවය කළා. එහෙම ජාතික සමගියක් තිබුණු රටක් මේ දේශපාළකයන් විසින් වැපිරූ ජාතිවාදයේ ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විදින්නේ. සහරාන්ලා නිර්මාණය කළේ වෙන කවුරැත් නෙවෙයි මේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටින මුස්ලිම් දේශපාලනඥයෝ. මේ කොමිෂන් සභා වාර්තාවේ එක දෙයකට මම කැමතියි. ඒ තමයි මේකේ හරි පැහැදිලිව “ඉස්ලාම් අන්තවාදය” කියල කියලා තිබෙණවා. මේ රටේ මොන මුස්ලිම් නායකයද මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් එක වචනයක් හරි කතා කරලා තියෙන්නේ. හම්බන්තොට වරාය විකුණද්දි එකෙක් කට ඇරියද? ජිනීවා ප්‍රශ්ණෙට එකෙක් කට ඇරියද? අඩුම ගානේ බඩුමිල වැඩිවෙලා තියෙනවා ඒ වෙනුවෙන් වචනයනක් කතා කාලද? හැමදාම කළේ අන්තවාදී ඉල්ලීම්. අවසානයේදී මේ රටේ මුස්ලිම් බත් කඩෙන් බත්කාපු සිංහලයයි. මාතර බත්කඩෙන් බත්කාපු මුස්ලිම් මිනිහයි. අන්තවාදී දේශපාලකයෝ හලාල් සහතිකය ගෙනල්ලා වෙන්කලා” යැයි ඔහු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More