දේශීය පුවත්

පාස්කු කොමිසම් වාර්තාව පිළිබඳව ඊයේ (10) දින පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට මෙරටදී පුද්ගලයින් 202ක් බන්ධනාගාරගත කර ඇති බවත් තවත් 66 දෙනෙක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත්ය.

තවද විවාදය අතර තුර අමාත්‍යයවරයා පවසා සිටියේ සහරාන් නැමති ස්වයං ඝාතකයා යටතේ පුහුණු වී ඇති කාන්තා අංශයක් සම්බන්ධයෙන් 2020 මුල්භාගයේ දී මෙරට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගත් බවයි.

එහිදී සරත් වීරසේකර මහතා අනවරණය කළේ පුහුණු වු කාන්තාවන් 17ක් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ප්‍රතිඥා (බයියක්) ලබා දී ඇති බවත් ඉන් 5ක් මියගොස් ඇති බවත්ය. මේ අතර ඔවුන්ගෙන් තිදෙනෙක්ට චෝදනා ගොනු කර බන්ධනාගාර ගත කර ඇති බව අනාවරණය කළ අමාත්‍යවරයා තවත් 7 දෙනෙකු අත්අඩංගුවේ තබා විමර්ශන කටයුතු සිදුකෙරෙන බවත් ඉතිරි දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More