පසුගිය(08)දා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් යාපනයේ චෙම්මනි හින්දු සුසාන භූමිය අසලින් සොයා ගන්නා ලද සී-4 හා ටී.එන්.ටී. පුපුරණ ද්‍රව්‍ය හා සෙසු යුද උපකරණ අලුත්ම ඒවා බව යාපනයේ ආරක්ෂක අංශ නිලධාරියෙකු තහවුරු කර ඇතැයි වාර්තාවේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදු කළ සෝදීසි මෙහෙයුමකදී ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය හා සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් පහකට ආසන්න ප‍්‍රමාණයක්ද පතරොම් ඩෙටනේටර් හා වයර් තොගයක්ද ඉතාම සුරක්ෂිතව අසුරා සුසාන භූමියේ මුල්ලක දමා තිබියදී හමු වූ බව වාර්තා විය.
ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය කිසියම් පුද්ගලයෙකුට භාර දීම සඳහා මේ ස්ථානයේ සඟවා තබන්නට ඇති බවයි. එසේම ,එතරම් අලූත් පුපුරණ ද්‍රව්‍ය ඔවුන් වෙත ලැබුණේ කෙසේද යන්න පිළිබඳවද ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වා ගෙන යන බවද වාර්තා වේ.
පසුගිය පෙබරවාරී 17 දා වවුනියාවේ නෙඩුන්කේණී සේනාපිලව් ගම්මානයේදී හමු වූ පුපුරණ ද්‍රව්‍ය හා මේ පුපුරණ ද්‍රව්‍ය අතර සමානකමක් ඇතත් බොහෝ විට මේ සිද්ධීන් දෙකක් විය හැකි බවටද ආරක්ෂක අංශ සැක පලකරන බවද වාර්තාවේ.
මෙම පුපුරණ ද්‍රව්‍ය හමු වීම සම්බන්ධයෙන් ඉතා පුළුල් මට්ටමක පරික්ෂණ ආරම්භ කොට ඇතැයි ආරක්ෂක අංශ වාර්තා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...