මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කර සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූවා කියා කුරාණයේ ඇති නීති වෙනස් කළ නොහැකි බවත් එසේ වෙනස් කල ද මුස්ලිම් ජනතාව එය පිළිගන්නේ නැතැයි ද පවසන ඔහු මුස්ලිම් නීති වෙනස් කල ද මුස්ලිම් ජනතාවගේ ජීවන රටාවන් නීති වලින් වෙනස් කළ නොහැකි යයිද පවසයි.
කුරාණය, හදීසය සහ ෂරියා ඔවුන්ගේ නීති බවත් හරි වැරදි බලන්නේ ඔවුන් බවත් ප්‍රකාශ කරණ ඔහු ඔවුන් ගරු කරන්නේ එයට බවත් රජයේ නීතියට ඔවුන් ගරු නොකරණ බවත් ප්‍රකාශ කරයි. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කළත් ඔවුන් එය වෙනස් නොකරන බවත් රජයේ නීතිය රජයට බවත් ඔවුන්ගේ නීතිය ඔවුන්ට බවත් වැඩිදුරටත් පවසයි.
මුස්ලිම් ජාතිකයෙකු විවාහ කීපයක් සිදු කරන්නේ හැකියාව අනුව බවත් රැක බලා ගැනීමට හැකියාවක් ඇතිනම් විවාහ තුනහතරක් සිදුකරගැනීමේ ප්‍රශ්නය කුමක්දැයි විමසා සිටි ඔහු බහු විවාහ සිදු කර ගන්නේ තවත් අයට පිහිට වීමේ අරමුණින් බව ද ඒ මහතා පෙන්වා දෙයි.
ඔහුගේ මුහුණු පොතේ ඇති දෙමළ බසින් ඇති වීඩියෝව පහත ලින්ක් එකෙන්
https://www.facebook.com/mazathsalley/videos/555408735436801

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...