දේශීය පුවත්

දඹුල්ල සීගිරිය මයිලත්තාව ප්‍රදේශයේ ඇති ඉඩම් කූට ලේඛන සකසා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර සංගක්කාරගේ බිරිඳට පවරාදීමේ සිද්ධිය සම්බන්ධව මාතලේ පොලිසියට පැමිණිල්ලක් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ ඊයේ (9වැනිදා) මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයාට සහ දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී ඇති බව වාර්තාවේ.

එහිදී ආණ්ඩුකාරවරයා අවධාරණය කර ඇත්තේ ඉඩම් පවරාදීමේ බලපත්‍ර අවලංගු කිරීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසෙඳෙන බවයි.

අදාල ඉඩම් පවරාදීමේදී කූට ලේඛන සකස් කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත්, ඒවා කූට ලේඛනද නැද්ද යන්න දිස්ත්‍රික් ලේකම්වරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයාට තීරණය කළ නොහැකි බැවින් එය අදාළ අංශ වෙත යොමු කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා අවධාරණය කර ඇති බව වාර්තාවේ.

එහිදී ආණ්ඩුකාරවරයා පෙන්වා දී ඇත්තේ රජයේ දේපොළ සඳහා කූට ලේඛන සැකසීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් රජයේ ඉඩම් බලතල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාට පවරා ඇති බැවින් ඔවුන් මේ සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු බවත්ය.

මෙම සිද්ධියට අදාළ විමර්ශනය පොලිසිය මගින් සිදුකර අධිකරණය හමුවේ සාක්ෂි සහිත කරුණු දැක්වීම කළ යුතු බැවින් ඒ සම්බන්ධව පොලිසිය මගින් පරීක්ෂණයක් කළ යුතු බවද ආණ්ඩුකාරවරයා අවධාරණය කර ඇති බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More