දේශීය පුවත්

වර්තමානය වනවිට ශීඝ්‍රයෙන් ඉහළ යන සහල් මිල පිළිබඳ අර්බුදය තුළ කෘෂිකර්ම ඇමතිවරයා සහල් මිල පාලනය පිළිබඳ ප්‍රකාශය පුස්සක් බවට පත්ව ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි. මෙම ප්‍රකාශය ඉදිරිපත් වූයේ ජාතික ගොවිජන එකමුතුව මගින් අද දින (10) කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් තුළදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ රජය දිගින් දිගටම අසාර්ථක වී ඇති බවත් සහ වී කිලෝ දහසක් නොදුන්නොත් පොහොර සහනාධාරය කප්පාදු කරන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් තර්ජනය කිරීම මගින් ගොවියා පීඩාවට ලක් කරමින් ඉදිරිපත් කරන ලද වී කිලෝවක් සඳහා රුපියල් 50 – 52 ක් වූ සහතික මිල අභිබවා පුද්ගලික මෝල් හිමියන් වී මිලදී ගැනීම සිදුවන බවත් මහා පරිමාණ මෝල් හිමියන්, මිල පාලනය යටතේ දණ ගසා සිටින රජය, අපේක්ෂා කරන වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට වුවද සමස්ත අස්වනු නෙලීමෙන් 50% ක් පිරී ඇති මේ වන විට රජය මිලදීගත් ගෙන ඇත්තේ ඉන් වී මෙට්‍රික් ටොන්  50000ක් පමණ වීම රජය වැඩපිළිවෙළ අසාර්ථක බවය.

රජයේ වී වෙනුවෙන් සහතික මිලක් නියම කළ ද සත්‍ය ලෙසම වී සහ සහල් මිල පාලනය මහා පරිමාණ මෝල් හිමියන් වෙත , නොනිල වශයෙන් සිදුකරන බවත් එය නිල නොවන වශයෙන් ඔවුන් වෙත පැවරීම වෙනුවට  සුළු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන් බලාත්මක කිරීම මගින් ගොවියාත්, සුළු හා මධ්‍ය පරිමාන හාල් මෝල් හිමියාත්,  පාරිභෝගිකයාත් යන තුන් ඈදුතු කණ්ඩායම රැකිය යුතු බවද පෙන්වා දෙයි.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික ගොවිජන එකමුතුවේ අධ්‍යාපන ලේකම් කේ.පී.ඩී. කරුණානායක මහතා කියා සිටියේ ශ්‍රී ලාංකීය මාතෘ භූමිය හිස් මුදුන වන් පිදුරුතලාගල කඳු මුදුන පිහිටි ඇපල් ෆාම් නම් අක්කර 200ක් පමණ භූමිය නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන බලවතුන් හා ඔවුන්ගේ හෙංචයියන් විසින් තම පුද්ගලික අයිතියට පවරා ගෙන ඇති බවය. 1970 දශකයේ ආරම්භ වන මෙම වගා භූමිය අද වන විට කෝටිපති ව්‍යාපාරිකයන් අතට පත්ව ඇති වා සේම රිෂාද් බදූර්දීන් හිටපු ඇමතිවරයා විසින් සිදුකරන ලද විල්පත්තු වන සංහාරය පිළිබඳව දුන් අධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක නොවීම පිලිබදව ද ඔහු පෙන්වා දෙයි.

අවසාන වශයෙන් මෙම මාධ්‍ය හමුවට එක්වූ ජාතික ගොවිජන එකමුතුවේ පාලක ලේකම් කමල් බණ්ඩාර මහතා කියා සිටියේ මේ වන විට හේන් වගාව ආශ්‍රිතව සිදුවන වන සතුන්ගේ හානි පූර්ණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස්කර ඔවුන්ට වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් ද සකසා දෙන ලෙසය.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More