සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අසාත් සාලි යන මහත්වරුන් සම්බන්ධයෙන් තොරතුරු පාස්කු කොමිසම් සභා වාර්තාවේ ඇති බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ අදහස් දැක්විය.
“රවුෆ් හකීම් මහත්තයාට උදව් කළා මේ අන්තවාදී කණ්ඩායම. ඒ විතරක්ද; කලින් වෙච්ච පිපිරීමකදී තුවාල ලබපු මේ බෝම්බකාරයා බලන්න රවුෆ් හකීම් මහත්තයා ඉස්පිරිතාලෙට ගියා . තුවාල වෙච්ච කෙනා බලන්න ගිහිල්ලා ඉස්පිරිතාලේ කිව්වා බබෙක් හම්බු වෙන්න ඉන්න කාන්තාවක් බලන්න ගියා කිව්වා පිරිමි වාට්ටුවේ. රවුෆ් හකීම් මහත්තයා මතක තියා ගන්න මේකේ කියනවා මේ අන්තවාදයට උදව් කළා කියලා, පැහැදිලිවම මේකේ සාක්ෂි තියෙනවා.”
“මතක තියා ගන්න රිෂාඩ් බදියුදීන් මහත්තාට ඔහේලාගේ ආණ්ඩුවේ ආයතන 45ක් දීලා තිබුනා. කිරිඇල්ල මහත්තයලා, චම්පික රණවක මහත්තයලා නෙවෙයි ආණ්ඩුව කලේ රිෂාඩ් බදියුදීන්. රිෂාඩ් බදියුදීන්ට වැඩිම ඇමතිකම් දීලා සතොසේ පාඩුව විතරක් බිලියන 48යි. මේ සියල්ල වැහුවා. සියල්ල වහලා ආයතන 45ක් දීලා මේ සියල්ල කරලා අන්තිමට අන්තවාදයට උදව් කරලා ජාතික සමගි බලවේගයෙන් නාම යෝජනාත් ලබලා දුන්නා. මේකේ 134 වෙනි පිටුවෙ පැහැදිලිව කියනවා රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා මරාගෙන මැරෙන බෝම්බකරුවා හම්බ වෙන්න ගියා, අත්අඩංගුවට ගත්ත පුද්ගලයා නිදහස් කරන්න බලපෑම් කළා.”
“අසාත් සාලි මහත්මයා මාවනැල්ල බෝම්බ සිද්ධියෙන් මතක තියා ගන්න ඒ විතරක් නෙවෙයි මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය හමු වුනාම ඒ සියල්ල නිදහස් කරන්න බලපෑම් කලේ අසාත් සාලි කියලා මේ වාර්හාවෙ තියෙනවා. මහත්තයෝ මතක තියා ගන්න තමුන්නසේලා මහා ලොකුවට පාස්කු ප්‍රහාරය ගැන කතා කරන කොට තමුන්නාන්සේලාගේ ජාතික සමඟි ජන බලවේගයේ පක්ෂ නායකයෝ තුන්දෙනෙක් මේ සිද්ධියට සම්බන්ධයි කියන එක මේකේ පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා.”

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...