හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් 2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දුන්නේ යැයි එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අද (10) දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
අදාල නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇයගේ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් අධිකරණය හමුවේ අද නීතිඥවරයෙක් ද පෙනී නොසිටි බවත් අපගේ අධිකරණ වාර්තා පවසා සිටී.
එහිදී ඉදිරිපත් වූ වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත වරෙන්තු නිකුත් කරණු ලැබ ඇති බවද අධිකරණ වාර්තා පවසයි.
නඩුව නැවත ජුනි මස 17 වනදා කැඳවීමට මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියම කළ බවද කියවේ.
තවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඇපකරුවන් සියළු දෙනා එදිනට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කර ඇති බවද එම වාර්තා පවසයි.
2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා කොළඹ, දෙමටගොඩ පුදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර අමරසිංහ නමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් වාහනවලින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර, පහරදී අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන්ට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇගේ ආධාරකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ නඩු පවරනු ලැබීය.
එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් අට දෙනා නඩු විභාගය අතරවාරයේදි 2017 වසරේ නොවැම්බර් මස 24 වනදා අධිකරණය හමුවේ වරද පිළිගනු ලැබීම හේතුවෙන් වසර 12 කට අත්හිටවූ වසර 02 ක් බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ දඩ අධිකරණය විසින් නියම කරනු ලැබීය.
කෙසේ වුවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම චෝදනාවලට වරද පිළිනොගැනීම හේතුවෙන් ඇයට එරෙහිව මේ වන විට නඩු විභාගය පැවැත්වෙමින් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...