කොවිඩ් – 19 වෛරසය සදහා රුසියාව විසින් නිෂ්පාදනය කරන ලද ස්පුට්නික් වී එන්නත් මාත‍්‍රා මිලියන හතක් මෙරටට ගෙන්වීම සඳහා රුසියාව සමග සාකච්ඡා අරඹා ඇති බව වාර්තා වේ.
දැනට මෙරට භාවිතා කරන ඉන්දියාවේ සීරම් ආයතනයේ එන්නත මෙන්ම – ස්පුට්නික් වී එන්නතද මාත‍්‍රා දෙක බැගින් ලබා දිය යුතුව තිබේ.
එක් මාත‍්‍රාවක් ඇමරිකානු ඩොලර් 10 ක් පමණ වන; වෛරසය මර්ධනයේ දී 92% ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති ස්පුට්නික් වී එන්නතේ මිළ ගණන් පිළිබඳව අදාල නිෂ්පාදන සමාගම සමග සාකච්ඡා කිරීමට කැබිනට් අනුකමිටුවක් පත් කර තිබෙන බව ද වාර්තා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...