දේශීය පුවත්

ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන එහි නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කරන “ඉස්ලාම් අන්තවාදය:පාස්කු කොමිසමෙන් ඔබ්බට” දේශන මාලාවේ පළමුවැන්න අද (09) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැත් වූ අතර එහිදී විමල් වීරවංශ මහතා සඳහන් කර සිටියේ “අනාගතයේ දී ඉස්ලාම් අන්තවාදය සමග දීග කන්න වෙයි කියා සිතන ආණ්ඩුව ඇතූළේ ඉන්න දේශපාලන තක්කඩීන් පාස්කු කොමිසම මගින් රිෂාඩ් බදියුදීන්ලාගේ සැබෑ ස්වරූපය සමාජය හමුවේ අනාවරණය වීම වළක්වා තිබෙන බවයි.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ බෞද්ධ අන්තවාදය කියා එකක් මේ පොළොවේ නොමැති බවයි.

මෙම අවස්ථාවට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කිරම විමලජෝති නාහිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කොට සිටි අතර ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම යන මහත්වරු ඇතුළු විද්වත් වෘත්තිකයෝ රැසක් ද සහභාගී වූහ.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් සරත් විජේසිරි, ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න, මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ යන මහත්වරු වේදිකාවේ අසුන්ගෙන සිටියහ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More