දේශීය පුවත්

බොදු බල සේනා සංවිධානයේ නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු ජාතික සංවිධාන නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා පිරිසක් ඊයේ (8) මහනුවරදී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමින් වහන්සේ හමුවුහ. එහිදී උන්වහන්සේලා සමඟ අදහස් හුවමාරු කරගත් නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමින් වහන්සේ පවසා සිටියේ පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය ගැන සොයා බලන්නට පත්කළ ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව එය සිංහල බෞද්ධයා විසින් කරන ලද්දක් බව ජාත්‍යන්තරයට පෙනී යන බවයි.

මේ වනවිට පාස්කු කොමිෂන් වාර්තාව සම්බන්ධව තමන් වහන්සේගේ පෞද්ගලික අදහස් තමන්වහන්සේ දක්වා ඇති බවත් ඉදිරියේදී සංඝ සංහාවේ මතය ප්‍රකාශ කරන බවත් නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමින් වහන්සේ වහන්සේ පවසා සිටියහ.

එහ්දී උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ “පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පරිශීලනය කළ විට ජාත්‍යන්තරය පවා හිතන්න පුළුවන් මේ අපරාධය කළේ සිංහල බෞද්ධයා කියලා. ඒ තරමටම මේ කොමිෂන් සභා වාර්තාව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වන ප්‍රකාශනයක්” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More