මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මාධ්‍ය හමුවක් අමතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම් සභා වාර්තාව පිළිබඳව අදහස් පළ කරමින් මෙසේ පැවසීය.
මේකෙ 411 වෙනි පිටුවෙ ලියවිලා තියෙනවා අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ක්‍රියාවලිය: දිගන තෙල්දෙණිය සිද්ධියට වෙනම කොමිසමක් පත් කරන්න ඕනේ.
එදා මම නුවර යන්නේ ඥාතියෙකුගේ මල ගෙදර. දෙයි හාමුදුරුවනේ මේකට ගියා කියලා මෙහෙම නීති පනවනවා නම් අර බෝම්බ ගහන්න ආපු අය කෝ? දෙයි හාමුදුරුවනේ මම බණ කියන එක වැරදිද? මොන කුණුහරපයක් ද මේ?
30 අවුරුදු යුද්ධයකට මුහුණ දීපු භික්ෂුවක් හැටියට මම වගකීමෙන් කියනවා පාස්කු ප්‍රහාරයට මුහුණ දුන්න මේ අහිංසක ජනතාවට, කතෝලික ජනතාවට දෙවියන් වහන්සේගේ පිහිට පමණයි, ආශීර්වාදය පමණයි, ස්වර්ගය පමණයි. ඊට වඩා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ කෙහෙල්මල් පාස්කු වාර්තාව ඒ පත් කරපු මිනිස්සුත් වැරදිකාරයෝ කරලා තියෙනවා නම්; අපි වගේ කැලේ ඉන්න අහිංසක මිනිස්සු වැරදිකාරයෝ කරලා හෙට අනිද්දට සිරගත කලාට පස්සේ, මේ රටේ ඉතුරු වන ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද? කියන එක ගරු ජනාධිපතිතුමාගෙන් මම අහනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...