දේශීය පුවත්

සෞදි අරාබියේ තෙල් කර්මාන්තයේ හදවත ලෙස සලකනු ලබන ලොව විශාලතම තෙල් සංකීර්ණයක් වන රාස් තනුරා හී පිහිටි ඇරම්කෝ තෙල් පර්යන්තය වෙත පසුගිය ඉරිදා (07) දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 08 දෙනෙකු තුවාල වී ඇතැයි වාර්තා වන නමුදු තෙල් සංකීර්ණයට බරපතළ හානි කිසිවක් සිදු වී නොමැති බවත් වාර්තාවේ.

මෙම ප්‍රහාරය එල්ල කරන ලද යේමනයේ සිටින හවුති කැරලිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරය සඳහා මිසයිල 08ක් මෙන්ම ඩ්‍රෝන ප්‍රහාරයන් 14ක්ද යොදාගත් බවයි.

සෞදි අරාබියානු බළධාරීන් විසින් මෙම ප්‍රහාරය ලෝක බලශක්තියට හානි කිරීම සඳහා එල්ල කරන ලද අසාර්ථක ප්‍රහාරයක් බව පවසා තිබෙන අතර මෙම බෝම්බ ප්‍රහාරවලින් රාස් තනුරා හී ඇරම්කෝ තෙල් පර්යන්ත සංකීර්ණයට කිසිදු හානියක් සිදුව නොමැති බව සෞදි අරාබියානු බළශක්ති අමාත්‍යවරයා විසින් පවසා තිබේ.

මෙම අසාර්ථක ප්‍රහාරය එල්ල වී තිබුණේ පසුගිය (07) ඉරිදා දිනයේ වුවත් පෙරේදා (08) දිනය වන විට තෙල් බැරලයක මිළ ඩොලර් 70වක් දක්වා ඉහළ ගොස් තිබූ අතර එය 2020 වසරෙන් පසුව වාර්තා වූ වැඩිම මිළ බව ද සඳහන් වෙයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් වලින්

https://www.arabnews.com/node/986976/saudi-arabia

https://www.aljazeera.com/news/2021/3/7/blast-heard-in-saudi-arabias-dhahran-reports



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More