දේශීය පුවත්

දේශපාලන කුහකත්වයෙන් තොරව දේශපාලනය කිරීම එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම වත්මන් රජයේත් ප්‍රතිපත්තිය බව තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ වැලිගම, පොල් අතුමෝදර පාලම ජනතා අයිතියට පත්කිරීම සහ ජපන් ආධාර මත ඉදිකරනු ලැබූ තවත් පාලම කිහිපයක් නිරීක්ෂණයට ලක් කිරීමට අද (11) උදෑසන එක්වූ අවස්ථාවේදීයි.

එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස් මෙසේය,

“ජපන් රජයේ ආධාර යටතේ ඉදිකරනු ලබන පාලම් ව්‍යාපෘති දෙකක් තියෙනවා. එහි දෙවන ව්‍යාපෘතිය යටතේ ඉදිවන පාලම් තමයි මේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ඉදිකෙරෙන, අද විවෘත කරන පාලම් හතර. එය දැන් ජනතා අයිතියට පැවරීමට වැඩකටයුතු යෙදුනා. මේ වැඩකටයුතු පටන්ගත්තේ 2014 වර්ෂයේදී. 2014 මේ වැඩකටයුතු පටන්ගත්ත දේශපාලන අධිකාරිය, ව්‍යාපෘති නිලධාරීන්, ජපන් රජයට සහ ජපන් තානපතිතුමන්ට ස්තුතිය අපි පුදකළ යුතුයි. නොයෙකුත් බාධක මැද මෙම පාලම් වැඩසටහන සිදුකරනු ලැබුවද අද ජනතාවට කුඩා ඉඩ ප්‍රදේශයක් තුල පාලම හතරක් ලබාදීමට හැකියාව ලැබිල තියෙනවා.

2001 වර්ෂයේ දක්ෂිණ අධිවේගී මාර්ගයට මුල්ගල් තැබුවා වැඩකටයුතු ආරම්භ කිරීමට නමුත් වැඩකටයුතු පටන් ගත්තේ නැහැ. 2003 නැවත අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වැඩකටයුතු ආරම්භ කිරීමට කටයුතු කළා. ඒ අවස්ථාවේදී අපි බද්දෙගමදී උත්සවයක් පැවැත්වුවා. නමුත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩකටයුතු නිමකරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේදී ඒක ජනතා අයිතියට පත්කලා. මේක තමයි රටක රජයක් වෙනස්වෙනකොට රටේ සංවර්ධනය ඉදිරියට අරගෙන යන විදිය. ඉතින් ඒ වගේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ කාලේදී වැඩ පටන් ගත්ත අධිවේගී මාර්ගයේ වැඩකටයුතු මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී වැඩ නිම වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේදී වැඩ පටන් ගනිපු මේ වැලිගම පාලම් හතරේ වැඩකටයුතු අපේ ආණ්ඩු කාලේදී වැඩ නිමවුණා. ඒ වැඩකටයුතු නිමකරන්න කටයුතු කල සියලුදෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මේ කටයුතු වලින් රටට යහපතක් සිදුවෙන ආකාරයෙන් රටේ සංවර්ධනය බාධක නැතිව සාර්ථකව ඉදිරියට ගෙනයන්න අපි වැඩකටයුතු කරනවා.

මේ ප්‍රදේශයට පාලම හතරක් ලැබිලා තියෙනවා. ඒ සඳහා උදව් කරපු සියලු දෙනාට රජය වෙනුවෙන්, කබීර් හෂීම් ඇමතිතුමා වෙනුවෙන් සහ මාතර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් වෙනුවෙන් මගේ ස්තුතිය පුද කරනවා.”

මෙහිදී ප්‍රශ්නයක් විමසූ මාධ්‍යවේදියා – සර්, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මේක දැන් විවෘත කළා, ?

ඊට පිළිතුරු දැක්වූ අමාත්‍යවරයා,

කමක් නෑ, පොඩි චූන් එකක එනවනම් ඕක කරන්න දෙන්න, මේක ජපන් රජයේ ජනතාවගේ මුදල්වලින් මේ කටයුතු කරලා තියෙන නිසා විවෘත කිරීම සඳහා ඒ රටේ තානාපතිතුමා සහභාගී වෙන්න ඕන. ඉතින් මේ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරන වෙලාවේ ඒ රටේ නියෝජනයක් තියෙන්න ඕන එතන. තානාපතිතුමා අපි සමඟ සහභාගී වෙලා ඉන්නවා.

එදා දක්ෂිණ අධිවේගී මාර්ගය අපි මුල්ගල් තියපු එක, පස් පිරවීම ඇතුළු සියලු කටයුතු අපි කරපු එක ගුවනින් දිවෙන පාලම්වල සියලු කටයුතු කරපු එක එයාල අධිවේගය හදන්න ගනිපු වෙලාවේ පාලමක තට්ටුව දාද්දි වට්ටගෙන කොහොමහරි දරුවෙකුත් නැතිකරලා, ඉදිකරන කාලය ප්‍රමාදත් කරලා ඉවර කලේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ධූර කාලයේදී. අපි ඒ වෙලාවේ උද්ඝෝෂණ කරේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පින්තූර අරගෙන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ වාහන පෙළ හරස් කලේ නැහැ. ඒ කුහක දේශපාලනය එක්සත් ජාතික පක්ෂය කරන්නේ නැහැ. ඒක තමයි ශිෂ්ට රජයක වටිනාකම වෙන්නෙත්.

“ඕගොල්ලන්ට තියෙනවනේ තොරතුරු දැනගැනීමේ අයිතිය, පහුගිය කාලේ පාලමක් විවෘත කරන උත්සවයක් පවත්වන්න කීයක් වියදම් උනාද කියල හොයල බලන්න, ලක්ෂ 50 ක් විතර වියදම් කළා. දැන් අද කීයද කියල අහල බලන්න මම හිතන්නේ සුළු ගානක් වැයවෙන්න ඇත්තේ. ඒ උත්සවයට දාන මුදලුත් අපි වියදම් කරන්නේ ජනතාවගේ සංවර්ධනයට.”

– SAGALA MEDIA UNIT



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More