දේශීය පුවත්

වත්මන් ආණ්ඩුව දුර්වල වී නොමැති බවත් එය දුර්වල කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොදෙන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ ආණ්ඩුවේ හිදිමින් ආණ්ඩුව විවේචනය කිරීමට කිසිවෙකුට කිසිදු අයිතියක් නොමැති බවයි.

ආණ්ඩුවේ හිදිමින් ආණ්ඩුව විවේචනය කරනු ලබන අය සිදුකරන්නේ සීසීකඩ විසිර නන්නත්තාර වී සිටින විපක්ෂයට ඔක්සිජන් සැපයීම බවට ද ඇමතිවරයා චෝදනා කරයි.

ඕනෑම අයෙකුට සිහින දැකීමේ අයිතිය ඇතත් විපක්ෂය දකින සිහිනය සැබෑ කරගැනිමට කිසිඳු ඉඩක් නොදෙන බවත් අවධාරණය කරන ඇමතිවරයා බොරු ප්‍රචාරය කරමින් ආණ්ඩුව අප්‍රසාදයට ලක් කිරීමේ කුමන්ත්‍රණයට විපක්ෂය යෙදී සිටින බවද පෙන්වා දෙයි.

‘අද අපේ ආණ්ඩුවේ ඇතමුන් දේශපාලනය කරන්නේ නෑ. විපක්ෂයේ බොරු චෝදනා වලට රැවටිලා ඔවුනුත් ඒවා ප්‍රචාරය කරනවා. ආණ්ඩුවේ හිඳිමින් ආණ්ඩුව විවේචනය කරන අයත් විපක්ෂයේ විවේචන නිහඬව සිටිමින් අනුමත කරන අයත් කරන්නේ සීසිකඩ ගිහින් නන්නත්තරා වෙලා ඉන්න විපක්ෂයට ඔක්සිජන් සැපයීම. මේකට තවදුරටත් ඉඩදෙන්න බෑ. අපේ ආණ්ඩුවේ වරප්‍රසාද භුක්ති විඳිමින් ආණ්ඩුව විවේචනය කරන්න කිසිවෙකුට බෑ. සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ මේ වනවිට ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් පිලිබඳව වැරදි තොරතුරු සමාජගත කරමින් සිටිනවා.එය ඔවුන්ට බලය ලබා ගැනිමේ කුමන්ත්‍රණයක් ලෙසයි මෙය කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන්ද ඊට අහුවෙලා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රටට ආදරය කරන සියලු දෙනා අප සමගයි.එක්කෙනෙක් දෙන්නෙක් විකාර කියෙව්වාට අපට කරන්න දෙයක් නෑ.හැබැයි අපේ පක්ෂය විවේචනය කරන්න කිසිවෙකුට ඉඩදෙන්නේ නෑ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More