දේශීය පුවත්

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ර`දවා සිටින මොහොමඞ් ඊබ‍්‍රාහිම්ගේ පුත‍්‍රයකු ඇතුළු තිදෙනකුට පහසුකම් සැලසීම ස`දහා බන්ධනාගාර අධිකාරිවරයාට අල්ලස් ලබා දීමට උත්සාහ ගත් බන්ධනාගාර ජෙලර්වරයකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම ජෙලර්වරයා අතරමැදියකු ලෙස කටයුතු කරමින් මෙසේ බන්ධනාගාර අධිකාරිවරයාට රුපියල් ලක්‍ෂ පහක අල්ලසක් ලබාදීමට සාකච්ඡුා කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් පාලන හා පුනරුත්ථාපන මෙන්ම බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

මොහොමඞ් ඊබ‍්‍රාහිම්ගේ එක් පුත‍්‍රයකු පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී මරාගෙන මැරෙන ඝාතකයකු ලෙස බෝම්බ පුපුරුවා ගනිමින් මරණයට පත්වූ අතර අනෙක් පුත‍්‍රයා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව බන්ධනාගාරගත කෙරිණි.

මොහොමඞ් ඊබ‍්‍රාහිම්ගේ පුත‍්‍රයාට සහ අනෙකුත් දෙදෙනාට සුඛෝපභෝගී අන්දමට බන්ධනාගාරය තුළ රැු`දී සිටීම ස`දහා පහසුකම් සැලසීම වෙනුවෙන් අධිකාරිවරයාට රුපියල් ලක්‍ෂ පහක අල්ලසක් ලබාදීමට යෝජනා කළ ජේලර්වරයා එම මුදල ප‍්‍රමාණවත් නොවේ නම් එය තවත් වැඩි කර දිය හැකි බවද පවසා තිබේ.

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයා විසින් බන්ධනාගාර මූලස්ථානයට දැන්වීමෙන් පසුව සිදු කළ පරීක්‍ෂණයකින් අනතුරුව මෙම ජේලර්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

දෙවන පෙළ ජේලර්වරයකු වන වැඩ තහනමට ලක්වූ අය මීට පෙරද බන්ධනාගාර රාජකාරි අතරතුරදී රැු`දවියන්ට තහනම් ද්‍රව්‍ය ගෙනවිත් දීම ඇතුළු විනය විරෝධී සහ නීති විරෝධී කටයුතු රැුසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයකු බව උසස් බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More