දේශීය පුවත්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදුකරවනු ලැබුවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවට සිදු කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර අශෝක් අබේසිංහ මහතාට ඊයේ (08 වැනිදා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දී තිබුණ ද ඒ මහතා පැමිණ තිබුණේ නැත.

ඒ අනුව අද (09 වැනිදා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දෙමින් ඒ මහතා වෙත 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 109 (06) වන්තිය යටතේ ලිඛිතව දන්වා යැවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදු කරවනු ලැබුවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවත්, ඒ ස`දහා මුදල් වැය කරනු ලැබුවේ ඇවන්ගාඞ් හිමිකරු නිශ්ශංක සේනාධිපති මහතා බවත් ඔහු ස`දහන් කර තිබුණි. එම ප‍්‍රකාශය අශෝක් අබේසිංහ මහතා සිදු කර තිබුණේ සම`ගි ජන බලවේගය පක්‍ෂයේ අභ්‍යන්තර ජනහමුවකදී බවද මාධ්‍ය වාර්තා කළේය.

ඔහුගේ එම ප‍්‍රකාශය නිවැරදි නොවන ද්වේශ සහගත එකක් බව සදහන් කරමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් හය දෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව අශෝක් අබේසිංහ මහතාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස ඊයේ දැනුම් දී තිබුණු බවද අජිත් රෝහණ මහතා ස`දහන් කළේය.

අශෝක් අබේසිංහ මහතා සිදු කළ එම ප‍්‍රකාශය ද්වේශ සහගත එකක් බව ස`දහන් කරමින් ඊයේ ඇවන්ගාඞ් ආයතනයේ හිමිකරු වන නිශ්ශංක සේනාධිපති මහතාද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

හේමන්ත රන්දුණු, සමන් ගමගේ, නෝමන් පලිහවඩන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More