දේශීය පුවත්

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් නොකිරීමට විරෝධය පළකරමින් පෙරේදා (07දා) ආරම්භ කෙරුණු මාරාන්තික උපවාසයට සහාය පළකරමින් වලව වම්ඉවුර පදිංචි කාන්තාවෝ දෙදෙනෙක්ද ලෝක කාන්තා දිනය වූ ඊයේ (08දා) මාරාන්තික උපවාසයට එක්වූහ.

මෙලෙස මාරාන්තික උපවාසය ස`දහා එක් වූයේ වලව වම් ඉවුර පදිංචි 40 හැවිරිදි තිදරු මවක වන එච්. කේ. අයෝමා නිශාන්ති හා 34 හැවිරිදි කේ. එම්. ගයානි සාගරිකා නමැති දෙදරු මවකි. මෙම කාන්තාවන් දෙදෙනාට සහාය පළකරමින් ප‍්‍රදේශයේ තවත් කාන්තාවෝ 05 දෙනෙක්ද සත්‍යග‍්‍රහයට එක්ව සිටිති.

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කරගනිමින් වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86ක නියෝජිතයෝ එක්ව දින 51ක් තිස්සේ සූරියවැව වල්සපුගල වැව් තාවුල්ලේ අඛණ්ඩ සත්‍යග‍්‍රහයක නිරතව සිටිති. ගොවීන්ගේ මෙම ගැටලූවට බලධාරීන් පිළිතුරු දීමට දිනෙන් දින කල්මරමින් සිටීම නිසා අඛණ්ඩ සත්‍යග‍්‍රහයේ නිරතව සිටි වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්. කේ. මහින්ද සමරවික‍්‍රම මහතා පෙරේදා (07දා) දහවල් සිට යළි මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

මත්තල – දිලීප් එන්. ජයසේකර, සූරියවැව – රොෂාන් ගුණසේකර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More