දේශීය පුවත්

බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගත් බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුවෙන් උන්වහන්සේ නිදහස් කරන මෙන් විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඒ බව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණය විත්තියේ සාක්ෂි කැඳවීමට තීන්දු කළේය.

ඒ අනුව උඩුවේ ධම්මාලෝක හිමියන්ට සාක්ෂි කූඩුවේ නැග සාක්ෂි දීමට හෝ විත්ති කූඩුවේ සිට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව ද විනිසුරුවරයා පැවසීය.

සාක්ෂි කූඩුවට නැග සාක්ෂි ලබා දෙන්නේ නම් හරස් ප්‍රශ්න විමසීමට රජයේ පාර්ශවයට හැකියාව ලැබෙන බව සඳහන් කළ විනිසුරුවරයා, විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් ලබා දෙන්නේ නම් එය හරස් ප්‍රශ්නවලට භාජනය නොවන බව කියා සිටියේය.

අවශ්‍යනම් එහිමියන්ට නිහඬව සිටීමට හැකියාව තිබෙන බව ද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

භික්ෂූන් පාලනයට බුද්ධ ධර්මය තරම් වෙනත් නීතියක් නැහැ-අධිකරණය
කිරුලපන ඇලන් මැතිනියාරාමයේ බලපත්‍ර රහිත අලි පැටියා සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් පවසන්නේ “බල්ලන් සහ බළලුන් පන්සල්වලට ගෙනත් දමනු ලබන ආකාරයට” එම අලි පැටියාත් කවුරුන් විසින් හෝ සිය විහාරස්ථානයේ දමා ගොස් තිබුණ බවය.

අදාළ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම රජයේ නීතිඥවරයා මීට පෙර දින අවසන් කළේය.

එදින විත්තියේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ දැනට ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකාර ස්වාමීන්වහන්සේ නිදහස් කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙන බවය.

එහෙත් සිකුරාදා තම තීරණය ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න සඳහන් කළේ විත්තියේ සාක්ෂි කැඳවීමට තමන් තීරණය කරන බවය.

මෙහිදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ විත්තිකාර ස්වාමීන් වහන්සේ සාක්ෂි කූඩුවට නැග සාක්ෂි ලබා දීමට අපේක්ෂා කරන බවය.

විත්තියේ සාක්ෂි ලැයිස්තුව ඉදිරිපත් කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන මෙන් ද විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව විත්තියේ සාක්ෂි ලැයිස්තුව ජූලි 17 වෙනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා විත්තියෙන් නීතිඥවරයාට නියම කළේය.

අදාළ නඩුව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ මීට පෙර සාක්ෂි ලබාදුන් වනජීවී දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත භාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් අධිකරණය හමුවේ කියා තිබුණේ ධම්මාලෝක හිමියන් සන්තකයේ සිටියදී වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගත් අලි පැටවාට නීත්‍යනුකූල බලපත්‍රයක් නොතිබූ බවය.

2015 වසරේ ජනවාරි 28 වෙනි දින හෝ ඊට ආසන්න දිනයක නාරාහේන්පිට ඇලන් මැතිනියාරාම විහාරස්ථානය තුළ බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් උන්වහන්සේට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු පවරනු ලැබ තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More