දේශීය පුවත්

පරිසරයට හානි සිදුකරන සියලුම ආකාරයේ නීතිවිරෝධී කටයුතු මැඬපැවැත්වීමටත් ඒවාට සම්බන්ධවන පිරිස් අත්අඩංගුවට ගැනීම වෙනුවෙනුත් යුද්ධ හමුදා භ‌ට පිරිස් දිවයින පුරා මෙහෙයුම්වල යෙදවීමට කටයුතු කරමින්; යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදුකරන දෛනික රාජකාරිවලට අමතරව මේ පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමුකරන ලෙස යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේවන විට සියලුම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව පසුගිය දින කීහිපය තුළ යුද්ධ හමුදා භට පිරිස් සිදුකළ මෙහෙයුම්වලින් පරිසරයට හානි සිදුකරමින් නීති විරෝධී කටයුතුවල නිරත විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලීසියට භාර දී ඇත. ඔවුන් විසින් නීතිවිරෝධී වැලිගොදැමීම් සහ ප්‍රවාහනය කිරීම, දැව ජාවාරම, ආදී නීතිවිරෝධී කටයුතුවල නිරතවූ පිරිස් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව 2021 වසරේ ගතවූ කාලය තුළ පරිසර හානි සිදුකරමින් නීතිවිරෝධී ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් 116 දෙනෙකු යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇත. ඊට අමතරව ට්‍රැක්ටර් රථ 17ක්, පාපැදි 15ක්, ඩෝසර් 06ක්, ට්‍රක් රථ 05ක්, ලොරි රථ 04ක්, ටිපර් 03ක්, කැබ් රථ 02ක්, යතුරුපැදි / ත්‍රීවිලර් සහ අත්ට්‍රැක්ටර් 01 බැගින් යුද්ධ හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇත. ‍

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිරසර පරිසර ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් “තුරුමිතුරු නව රටක්” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් මෙරට වනගහණය ඉහළ දැමීම වෙනුවෙන් විශාල වැඩකොටසක් යුද්ධ හමුදාව ක්‍රියාත්මක කරනවා සේම පරිසර හානි සිදුකරමින් විවිධ ජාවාරම්වල නිරතවූවන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන්ද යුද්ධ හමුදා භට පිරිස් යොදවා ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More