දේශීය පුවත්

ක්‍රීඩා කටයුතු අමාත්‍යය ගරු නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍යය අමාත්‍යය ඩී වී චානක මහතා ඇතුළු පිරිස ඩුබායි රාජ්‍යයේ කරණු ලබන රාජ්‍යය නිල සංචාරය අතරතුර ඩුබායි රාජ්‍යයේ සේවයේ නියතු ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට කටයුතු කළේය. එහිදී ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයේ විධායක කමිටු සාමාජිකයන් හමුවීමටද අමාත්‍යය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කටයුතු කළෝය.

ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයේ විධායක කමිටු සාමාජිකයන් විසින් අමාත්‍යය නාමල් රාජපක්ෂ මහතාට පෙන්වා දුන්නේ මහ කොමසාරිස්වරියගේ 46/20 යෝජනාව ප්‍රතික්ෂේප කිරීම ඉතාමත් ප්‍රඥාවන්ත එඩිතර ක්‍රියාමාර්ගයක් බවයි. නමුත් කුමන හෝ හේතුවක් නිසා යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ බෙදුම්වාදී යුද්ධය අවසන් කළ රණවිරුවන් ජාත්‍යයන්තර දංගෙඩියට ඇදගෙන යාම පිණිසත් රට අස්ථාවර කිරීම අරමුණු කරගෙනත් ඉදිරිපත් කළ බරපතලම හානිදායකම යෝජනාව වන 30/1 යෝජනාව හොඳින් ක්‍රියාත්මක කිරීමට එකඟ වීම ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයෝ දැඩි ලෙස විවේචනයට ලක් කළහ.

එහිදී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ යෝජනා ලිඛිතව ඉදිරිපත් කරණ ලෙසයි. ඒ අනුව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ඉදිරිපත් කළ ලිඛිත කරුණු භාරගත් නාමල් රාජපක්ෂ අමාත්‍යයවරයා මේ පිළිබඳව අදාළ බලධාරින්ගේ අවධානය යොමු කරවන බවද පොරොන්දු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයේ ලේකම් යසස් ධර්මදාස මහතා පෙන්වා දුන්නේ ඊනියා ජාත්‍යයන්තර ප්‍රජාව කෙතරම් ශ්‍රී ලාංකා විරෝධීන් දැයි පෙනෙන්නේ යස්මින් සුකා මහත්මිය ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියට ඉදිරිපත් කර ඇති වාර්තාවේ ඉතා පැහැදිලිවම කොටි ත්‍රස්තයන් විනාශ කර දැමීමට සක්‍රියව සහභාගි වූ රණවිරුවන් 28 දෙනෙකු “අපතයන්” ලෙස දැක්වීමට කටයුතු කිරීමෙන් බවයි.

මෙම අවස්ථාවට යසස් ධර්මදාස මහතා සමඟ ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයේ විධායක කමිටු සාමාජිකයන් වන සමන්ත වීරමන්ත්‍රී සහ රංජන් සහබන්දු යන මහත්වරුද සහභාගි විය.

ගෝලීය ශ්_රී ලාංකිකයෝ ඇමති නාමල්ට ඉදිරිපත් කළ ලිපිය. (1)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More