දේශීය පුවත්

ජිනීවා මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබුණු යෝජනාවලිය මේ වන විට සංශෝධනය වී තිබුණද ඔවුන් තවදුරටත් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව කෙරෙහි යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.

වගවීමේ ක්‍රියාවලියේදී දේශීය යාන්ත්‍රණයට වඩා ජාත්‍යන්තර යාන්ත්‍රණයක සහය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට බලකෙරෙමින් පවතිනවා.

ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ සංශෝධනය වී ඇත්තේ වචන කිහිපයක් පමණක් වන අතර වගවීමේ ක්‍රියාවලියේදී දේශීය යාන්ත්‍රණයට වඩා ජාත්‍යන්තර යාන්ත්‍රණයක සහය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට බලකෙරෙමින් පවතින බවයි මහානාමහේවා මහතා පෙන්වා දෙන්නේ.

දෙමළ ඩයස්පෝරාව බ්‍රිතාන්‍යය බළල් අතක් කරගෙන ලංකාවට විරුද්ධව යෝජනා ගේනවා

දෙමළ ඩයස්පෝරාව මහා බ්‍රිතාන්‍යය බළල් අතක් බවට පත් කරගෙන ඇති බවත් ඔවුන් බ්‍රිතාන්‍යය හරහා ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් මානව හිමිකම් කොමිසමට භාර දීමට ගියද එය වැලකී ඇති නමුත් ඩයස්පෝරාව උත්සාහය අත්හැර නැති බව ඔහු පවසයි.

පිටරටවල ඉඳන් මෙහෙ හමුදා නායකයින්ට පෙත්සම් ගහන්නේ ලංකාවේ ඉපදිලාවත් නැති අය.

“මෙතැනදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පීඩාකාරී යැයි කියා පැවසුවත් ත්‍රස්තවාදයට මුදල් එකතු කිරීම් ගැන කතාවක් නැහැ. යුධ හමුදාව යුධ අපරාධ කළා කියලා චෝදනා කළත් ළමා සොල්දාදුවන් පුහුණු කළේ කාන්තා බලකායට නායකත්වය දුන්නේ ඇඩෙලා බාලසිංහම්. ඇඩෙලා බාලසිංහම් බ්‍රිතාන්‍යයේ ජීවත් වෙනවා. ඒවා කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ. බ්‍රිතාන්‍යයට වුණත් ඒවා පෙනෙන්නේ නැහැ. ඒ නිසා තමයි චීනය,රුසියාව වගේ රටවල් ලංකාවත් එක්ක ඉන්නේ. ශ්‍රී ලංකා රජයට ඇඩෙලා බාලසිංහම්ට විරුද්ධව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කටයුතු කරන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ ප්‍රභාකරන් නැති වුණත් ඔහුගේ සංකල්පය තවම තිබෙනවා.කැනඩාව,ප්‍රංශය වගේ රටවල සිට ලංකාවේ හමුදා නායකයින්ට එරෙහිව පෙත්සම් ගහන්නේ අඩුම තරමේ ලංකාවේ ඉපදිලාවත් නැති අය.”

ඒම නිසා, මෙම තත්ත්වය තුළ අපගේ තානාපතිවරුන්ට විශාල හඬක් නැගිය හැකි අතර මානව හිමිකම් කොමිසමේ තවත් සැසි වාර‍යන් පවතින හෙයින් එහිදී රට වෙනුවෙන් ඩයස්පෝරාවට වඩා වැඩි හඬක් ඔවුන්ට නැගිය හැකි බවයි මහානාමහේවා මහතා සඳහන් කරන්නේ.

මෙම අර්බුදය 2030 වසර වෙනතෙක් රැගෙන යා යුතු නැති බවත් මෙම වසරේ මානව හිමිකම් කොමිසමේ ඇමරිකාව නියෝජනය නොකළද මෙම වසර අවසානය වන විට ඔවුන් නැවත ඒ සමඟ එක්වන හෙයින් ඉදිරියේදී ලංකාවට එරෙහිව ඇමරිකානු බලපෑම් වැඩි වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More