දේශීය පුවත්

2005 න් පසුව පත්වූ සියළු ආණ්ඩු වලට බහුතරය ලබා ගැනීමේ අවශ්‍යයතාවය මත මුස්ලිම් ජාතිවාදීන් සමඟ එකතු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි. සිය ෆේස් බුක් ගිනුමේ විඩියෝ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මෙලෙස අදහස් දක්වනු ලබුවේය.

එහිදී ඒ මහතා පෙන්වා දෙන්නේ යුද්දය නිම වීමෙන් පසුව මේ රටේ සාමකාමී බව තව තවත් අනතුරේ හෙලීමට රිෂාඩ් බද්යුද්දීන් , හිස්බුල්ලා වැනි අන්තවාදී අදහස් දරන මුස්ලිම් දේශපාලඥයන්ට අවස්ථාව හිමි වූ බවයි. නැගෙනහිර වසන්තය වැනි ව්‍යාපෘති හරහා ඔවුන්ගේ බල පරාක්‍රමය වැඩි වූවා විනා රට සාමකාමි වීමට සිදුවූ කිසිවක් නැති බව විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී.

මේ සියල්ලට අදාල මූලික පදනම සකස්වන්නේ හිටපු ජනපති ආර් ප්‍රේමදා මහතා විසින් අශ්රොෆ් මහතා වෙත පොරොන්දු වූ 15 වෙනි සංශෝධනය හරහා ලබාදුන් පක්ෂයක් මන්ත්‍රී අසුනකට සුදුසුකම් ලබා ගැනීමට ලබාගතයුතු අවම ඡන්ද ප්‍රතිශතය 12.5% සිට 5% දක්වා පහත හෙලීම බව පවසා සිටියි.

සම්පූර්ණ වීඩියෝව පහතින්…

පාස්කු වාර්තාව’ ගැන විජයදාස රාජපක්ෂ සියල්ල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More