දේශීය පුවත්

කොවිඩ් මර්දන එන්නත එන්නත් කිරීමෙන් පසු ඇතිවූ අසාත්මිකතාවයක් නිසා පූජ්‍ය පන්නල ඥාණාලෝක හිමි අපවත් වූ බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සඳහන් කර තිබේ.

අපවත් වන විට 43 වැනි වියේ පසු වූ උන්වහන්සේ විශේෂයෙන්ම කවි බණ කීමේ උපන් හපනකු වන නිසා බෞද්ධ පින්වතුන් අතර ගෞරවයට පාත්‍ර වූ හිමිනමක් බව පෙන්වා දෙන ආනන්ද සාගර හිමියන් පන්නල ඥාණාලෝක හිමියන් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කැපී පෙනෙන මෙහෙවරක් කළ බව ද අවධාරණය කරයි.

රුවන්වැල්ල, පන්නල ග්‍රාමයේ ඉපිද කුඩා අවදියේම පැවදි බිමට පත්ව, කැළණි විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් පන්නල ඥාණාලෝක ස්වාමින් වහන්සේ අලුත් වැඩ කරන අසම්මතවාදී යතිවරයාණන් වහන්සේ නමකි. කවිය අවිය කර ගනිමින් සියළු ගුවන් විදුලි හා රුපවාහිනී මාධ්‍ය තුල පෙළහර දක්වති.

තමන් විසින්ම ආරම්භ කරන ලද සේදවත්ත ශ්‍රී නවලෝක විහාරස්ථානයේ විහාරාධිපති පදවිය දරමින් හා පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙන්හි නියෝජ්‍ය විද්‍යායතන පරිවේනාධිපති ධුරය දරමින් මහඟු අධ්‍යාපන මෙහෙවරක් ඉටු කරයි.

ලක්දිව පමණක් නොව ලොව විවිධ රටවල් වලට වැඩම කරමින් කාව්‍ය ධර්ම දේශනා පවත්වන උන්වහන්සේ, කාව්‍ය ධර්ම දේශනාතැටි සිය ගණනක් නිකුත් කර ඇති අතර පොත්පත් රාශියක් රචනා කර ඇත. පන්නල ඥාණාලෝක ස්වාමින් වහන්සේගේ ජාතික, ආගමික හා සමාජික මෙහෙවර විමසා බලන්නෙකුට උන්වහන්සේ ජාතික සම්පතකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More