දේශීය පුවත්

මම නිතර සටනේ නිරත වෙලා ඉන්නේත්, පක්ෂය එක්ක ආණ්ඩුව එක්ක සටන් කරන්න වෙලා තියෙන්නේත්, පුත්තලම ජනතාව වෙනුවෙන් යැයි වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

ඊයේ (10දා) පෙරවරුවේ පල්ලමදී, සෙන්ගල්ඔය වාරි ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරමින් පළමු පස් පිඩැල්ල කැපීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

“එදා පුත්තලමට සාගර විශ්වවිද්‍යාලය ගේන්න හැදුවා. එයට කැබිනට් ඇමැති මහින්ද සමරසිංහ විරුද්ධ වුණා. පුත්තලමට කාර්මික විද්‍යාලය ගේන්න යද්දීත් මහින්ද සමරසිංහ ඇමැතිවරයා විරුද්ධ වුණා. කැබිනට් පත්‍රිකාව දැම්මේ නැහැ. අන්තිමට ඉණේ ගහගෙන තිබුණු පිස්තෝලේ අදින්න සිද්ධ වුණා. ඒ විදියට තමයි මේ කාර්මික විද්‍යාලය පුත්තලමට ගෙනාවේ. එහෙම අපේ සමහර උදවිය අපිට වැඩ කරන්න දෙන්නේ නැතුව සිටියා. මොකද මම රාජ්‍ය ඇමැති. ඒ අය කැබිනට්.

අපේ දිස්ත්‍රික්කයට කුණු එනවා නම්, අපේ දිස්ත්‍රික්කයට ගල්අඟුරු එනවා නම්, ඒ ගල් අඟුරුවල අළුටික කළපුවට යනවා නම්, මුහුදට යනවා නම්, අපේ ජන ජීවිතයට හානියක් වෙනවා නම්, එතැනදී මගේ ජනතාව වෙනුවෙන් මම පෙනී හිටියේ නැත්නම්, මම නායකයන් වෙනුවෙන් පෙනී ඉඳලා වැඩක් තියෙනවද.

මට කතිරේ ගහලා තියෙන්නේ නායකයන් නෙවෙයි. මට කතිරේ ගහලා මනාපයක් දීලා තියෙන්නේ මගේ දිස්ත්‍රික්කයේ ජනතාව. ඒ නිසා ඒ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න යුතුකමක් හා වගකීමක් තියෙනවා. එක පැත්තකින් සංවර්ධනය ගේනවා වගේම අනෙක් පැත්තෙන් ඒ අය වෙනුවෙන් පෙනී හිටීම හා ආරක්ෂා කිරීම යුතුකමයි. අන්න ඒ නිසා තමයි අපි ප්‍රතිසංවිධාන කරන්න ඕනෑ කියලා කිව්වේ. එහෙම නැතුව පෞද්ගලිකව කවුරුන් එක්කවත් තරහට නෙවෙයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More