ක්‍රීඩා පුවත්

ලබන මස මැලේසියාවේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 19 න් පහළ යොවුන් කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ තේරීම් පිළිබඳව බොහෝ පිරිස්‌ නොසතුටට පත්ව සිටින බව වාර්තා වේ.

නවසීලන්තයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන් කණ්‌ඩායමේ සංයුතිය ගලපා ගැනීමද මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබියදී තේරීම් කමිටුව විසින් ඇතැම් ක්‍රීඩකයන්ව සංචිතයෙන් ඉවත් කර ඇත්තේ ඔවුන්ගේ පුහුණු තරග දක්‍ෂතාද සැලකිල්ලට නොගනිමින් බව වාර්තා වේ. කෙසේ වෙතත් නම් කරන ලද අවසන් සංයුතිය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් මේ වන විටත් නිල වශයෙන් ප්‍රකාශ කිරීම ප්‍රමාද කර තිබේ.

ශාන්ත සර්වේශස්‌ විදුහලේ වේග පන්දු යවන්නකු වන තිලාන් ප්‍රසාන් පුහුණු තරග හතරකදී කඩුලු 16 ක්‌ ලබා තිබුණද ඔහුවද සංචිතයෙන් ඉවත්කර තිබේ. මීට අමතරව කුරුණෑගල ප්‍රදේශයේ තුන් ඉරියව් ක්‍රීඩකයකුට විශේෂ තැනක්‌ ලබාදීම සම්බන්ධයෙන්ද විවිධ චෝදනා තේරීම් කමිටුවට එල්ලවී තිබේ. මහනුවර ප්‍රධාන පාසලක පිතිකරුවකු ලෙස කණ්‌ඩායමට ගෙනා ක්‍රීඩකයකු එහිදී අසාර්ථක වීමෙන් ඔහුව පිට දඟ පන්දු යවන්නකු ලෙස කණ්‌ඩායමට එක්‌කර ඇතැයිද සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More