ඊයේ (07) දින පෙවරුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයට අනුබද්ධ “ග්‍රීන්බ්ලඩ්” (ඝ්‍රීන් ඹ්ලූඩ්) සංවිධානයේ තරුණයින් අතර හමුවක් බොරැල්ලේදී පැවැත්වුණ අතර එහිදී, රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එම සංවිධානයේ සාමාජිකයින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, “මෙතනින් පස්සේ ඔබට රජයක් ක්‍රියාත්මක කරන්න ලැබුණොත් මේ තත්වයෙන් රට මුදවන්න ඔබ මූලිකවම ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?” යනුවෙනි.
ඊට පිළිතුරු දෙමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා, “රජයට ආදායමක් නැති නිසා පුවත්පත් මුද්‍රණය කරනවා වගේ, මුදල් මුද්‍රණය කරනවා. 2010, 2015 ආණ්ඩු මුද්‍රණය කළ මුදල් වගේ තෙගුණයක්. අපි ඩොලර් කෝටි 750ක් සංචිත ලෙස ඉතිරි කළා. දැන් කෝටි 450කට අඩුවෙලා තියෙන්නේ. අපිට බැන්නට අපි ආර්ථිකය හැදුවා. අපි සෞඛ්‍යට මුදල් වෙන් කළා. ටැබ් දෙන්න ගියාම විරුද්ධ වුණා. ටැබ් දුන්නානම් දැන් අධ්‍යාපනයේ ප්‍රශ්න විසඳෙනවා. ආණ්ඩුව කුමක් වුවත් රට ඉදිරියට ගෙනියන්න තිබුණා. දැන් බඩු මිළ වැඩිවෙලා. අවුරුද්ද ඉවරවෙද්දි තරු පෙනෙයි. මේක හදන්න සාමාන්‍ය ආණ්ඩුවකට දශකයකට වඩා කාළය යනවා. එතකොට තරුණ යුගය ගිහින් ඉවරයි . ඡන්දය දුන් තරුණයින්ගේ විශ්වාසය කඩ වෙලා. තරුණයන්ගේ අනාගතය නැතිවෙලා. ආර්ථික ප්‍රශ්ණ ගැන කතා කළාම තරුණයන්ගේ නිදහස සීමා කරනවා.” යනුවෙන් පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...