මේ මස අග දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාව ගෙන එන ප්‍රධාන කණ්ඩායමේ (Core Group) රටවල් අතර කැනඩාව සහ එක්සත් රාජධානිය සිටින අතර; මෙරට කැනඩා තානාපතිවරයා කරණ ලද ආරාධනාවකට අනුව; ශ‍්‍රී ලංකාවේ බංග්ලාදේශ තානාපතිවරයා, කොළඹ 07 පිහිටි “කැනඩා නිවසේ” දී ඔහු හමු වී ඇති බව පුවත්පත් දෙකක වාර්තා විය.
මාධ්‍යයට අනාවරණය නොකළ එම හමුව පිළිබඳව තොරතුරු මාධ්‍යයේ පළ වීම සම්බන්ධයෙන් තමන් ආවේක්ෂණයට ලක්ව සිටින්නේ දැයි කැනඩා තානාපතිවරයා විමසා ඇති බව වාර්තාවන අතර කැනේඩියානු තානාපති කාර්යාලයේ විශේෂ අවධානය මේ පිළිබඳව යොමුව ඇති බව ද වාර්තා වේ.
ඊට අමතරව, මෙරට බි‍්‍රතාන්‍ය මහකොමසාරිස්වරිය, මෙරට සිටින දකුණු කොරියානු තානාපතිවරයා මුණ ගැසී ඇති බවට ද මාධ්‍ය වාර්තා පළ ව තිබේ.
බංග්ලාදේශය සහ දකුණු කොරියාව යන රටවල් දෙකම එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය නියෝජනය කරන ඡන්දය හිමි රටවල් වන අතර; ගෙන ඒමට නියමිත යෝජනාවට අදාලව ඡන්ද විමසීමක් පැවැත්වීමක් නියමිතය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...