පසුගියදා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළත් වන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සහ ජාතික සංවිධාන එකමුතුව අතර සුවිශේෂී හමුවක් පැවැත් වූ බව වාර්තා වේ. විද්වත් සංගම් මූලස්ථානයේ දී පැවැත් වූ එම සාකච්ඡාවට ආචාර්ය ගුණසේකර මහතාගේ නායකත්වයෙන් කණ්ඩායමක් පැමිණි අතර වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාගේ නායකත්වය නායකත්වයෙන් වෘත්තිකයන් විශාල පිරිසක් සහභාගී විය.
කුමන නායකයෙකු බලයට පත්වුවත් රටක් ලෙස ක්‍රියාත්මක කළ යුතු උපාය මාර්ගික ප්‍රතිපත්ති රාමුවක් පිළිබඳව මූලික ලේඛනයක් පදනම් කරගෙන සාකච්ඡා පැවැත්වූ බව වාර්තාවේ. ඉදිරි සති කිහිපය තුළ එම පාර්ශව දෙක එකගතා ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව වාර්තාවේ.
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ශ්‍රී ලංකාවේ ප්‍රබල වෘත්තික හා විධායක නිලධාරීන්ගේ සංගම් 23 කින් සමන්විත වන අතර ජාතික සංවිධාන එකමුතුව සංවිධාන 32 කින් සමන්විත වේ.













ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...