දේශීය පුවත්

මාතලේ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් 5 වැනිදා පැවති අවස්ථාවේදී සීගිරිය මයිලත්තාව ප‍්‍රදේශයේ වටිනා ඉඩම් අක්කර දෙකක් කුමාර සංගක්කාර මහතාගේ බිරිඳගේ නමින් ඇය අඩු ආදායම්ලාභී අයකු ලෙස දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු විසින් නීති විරෝධී අයුරින් කූට ලේඛන සකස් කර විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, දැනට ලබාදී ඇති දීමනා පත‍්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා ලෙසත් අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තාවේ.

දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අදාළ ඉඩම් ජාවාරම පිළිබඳව දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සාකච්ඡාවට ගැනුණු අතර එහිදී අනාවරණය වූයේ කූට ලේඛන පිළියෙළ කර අඩු ආදායම්ලාභී කාන්තාවක බවට ක‍්‍රිකට් ක‍්‍රීඩකයාගේ බිරිඳ හඳුන්වා දීමට හා දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක බවට පුද්ගල හැඳුනුම්පතක්ද සකස් කර ඉඩම් ගනුදෙනුව සිදුකර ඇති බවය. මාතලේ දිස්ත‍්‍රික් කමිටු රැස්වීමේදී අදාළ ඉඩම් ගනුදෙනුව සාකච්ඡා වෙමින් තිබියදී කමිටුව නිල වශයෙන් නියෝජනය කළ ඉහළ නිලධාරීන් දෙදෙනකු සාකච්ඡා මඟහැර ගොස් ඇති බව මාධ්‍යය වාර්තා පවසයි.

සිද්ධිය පිළිබඳව සිදුකළ මූලික පරීක්ෂණයෙන් පසුව අදාළ ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවා නිලධාරියාගේ සේවය අත්හිටුවා තිබේ. ඔහුගේ දරුවකු මහනුවර ප‍්‍රදේශයේ උසස් පාසලකට ඇතුළත් කිරීම සඳහා කුමාර සංගක්කාර මහතා කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද මෙහිදී ආණ්ඩුකාරවරයා කමිටුව ඉදිරියේදී පැවසූ බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More