දේශීය පුවත්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇණවුම් කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත් මාත‍්‍රා මිලියනය නියමිත කාලයේ දී ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වනු ඇතැයි එය නිෂ්පාදනය කරන ඉන්දියාවේ සීරම් ආයතනය දැනුම් දී ඇති බව වාර්තාවේ.

සීරම් ආයතනය ප්‍රකාශ කරන්නේ පසුගිය කාලයේදී තම ආයතනයේ ඇති වූ ගින්න නිසා නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට නොහැකි වීමෙන් මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

ඒ අනුව සීරම් ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඉල්ලා ඇත්තේ අදාල ඇණවුම අවලංගු කර ආපසු මුදල් ලබාගැනීමට එකඟතාවය පළ කරන ලෙසයි.

කෙසේ නමුත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආරංචි මාර්ග පවසන්නේ එන්නත් ලබා දෙන කාල සීමාව නැවත සකස් කිරීමට සිදු වුවද එම එන්නත් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි විශ්වාස නොකරන බවයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇනවුම් කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත් මාත‍්‍රා මිලියනය ලැබීමට නියමිතව තිබුනේ අප්‍රේල් හෝ මාර්තු මාසයේදීය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More