පාස්කු බෝම්බ ප්‍රහාර වාර්තාව ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසා සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වරදකරුවෙකු විය යුතු යයි යන මතය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ හිටපු ජනාධිපතිවරයා තම වගකීම් පැහැරහැරීම පිළිබඳව චෝදනාවක් එල්ල විය හැකි නමුත් ඔහු වරදකරුවෙක් යැයි යන චෝදනාව එල්ල කිරීම කළ නොහැකි බවත් එවකට පැවති ආණ්ඩුවේ අර්බුදකාරී තත්ත්වය මත ජනාධිපතිවරයාට තම තනතුර රැකගැනීම පවා ගැටලුවක් වී තිබුණු බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...