දේශීය පුවත්

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත්ව තිබූ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව; ලක් රජය ඉදිරිපත් කළ යෝජනා සළකා බැලීමෙන් අනතුරුව, ඊයේ (06) දින ඉදිරිපත් කර ඇති යාවත්කාලීන කළ ශ්‍රී ලංකාව පිළිබඳ සංශෝධිත යෝජනාව මගින් කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බව සඳහන්.

ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය ප්‍රකාශ කරන පරිදි සංශෝධිත යෝජනාවට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය යෝජනා කර තිබූ ආකාරයෙන් මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පුද්ගලයන්ගේ වත්කම් තහනම් කිරීම හෝ සංචාරක තහනම් පැනවීම ඇතුළත් කර නැහැ.

එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීම ද නව යෝජනාවට ඇතුළත් නොවන බව සඳහන්.

එමගින් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සඳහා අවශ්‍ය සාක්ෂි එක් රැස් කිරීම, තහවුරු කිරීම, විශ්ලේෂණය සහ සංරක්ෂණය අවශ්‍ය වන බවයි.

එමෙන්ම මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අනාගත වගවීම් ක්‍රියාමාර්ග තහවුරු කළ යුතුයි.

දෙමළ සහ මුස්ලිම් සුළු ජන කොටස් තවදුරටත් කොන්වීම සහ ඔවුන් සම්බන්ධයෙන් බලපෑම් සිදුකිරීම වැළැක්වීම මෙන්ම මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයේ අවකාශය සුරැකීම වැදගත් වනවා.

යුද්ධයෙන් පීඩාවට ලක්වූවන්ගේ පොදු සිහිගැන්වීම් සඳහා සීමාවන් පැනවීම සඳහා ස්මාරක විනාශ කිරීම සම්බන්ධයෙන් ද අවධාණය යොමුවී ඇති බවයි නව යෝජනා කෙටුම්පතේ දැක්වෙන්නේ.

කවර ආකාරයෙන් කවරෙකු විසින් සිදුකළ ද මෙරට සිදුව ඇති සියලු ආකාරයේ ත්‍රස්තවාදී සහ ප්‍රචන්ඩ අන්තවාදී ක්‍රියා අවිවාදයකින් තොරව හෙළා දකින බවද මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවලියේ නව සංශෝධනවලට ඇතුළත්.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට ඇතුළත්ව තිබූ ප්‍රකාශයද නව කෙටුම්පතේ සංශෝධනය කර තිබෙනවා.

විසිවන සංශෝධනය සඳහා වූ මංපෙත් සහ ක්‍රියාමාර්ග යන්න වෙනුවට එහි දැක්වෙන්නේ විසිවන සංශෝධනය බලගැන්වීම යන වදනයි.

කෙසේ නමුත් ස්වාධීන ආයතනවල ක්‍රියාකාරීත්වය ව්‍යවස්ථා සංශෝධන මගින් තහවුරු විය යුතු බව නව යෝජනාවේද අඩංගු කරුණක්

තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.tamilguardian.com/content/tweaked-un-resolution-sri-lanka-still-falls-short-accountability



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More