දේශීය පුවත්

ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තුවේ අසුනක් ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත්, ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය හරහා මෙරට… නීති රැසක් උල්ලංඝනය වන බවත්, ‘මවුබිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි නිත්‍ය හමුදාවේ තනතුරක් දරන්නකුට පාර්ලිමේන්තුවේ අසුන් ගත නොහැකි බවද ෆීල්ඩ් මාර්ෂල් වූ කලී නිත්‍ය හමුදාවේ තනතුරක් වන නිසාම ඔහු නිදහස් උත්සවයේදී පවා සහභාගි වන්නේ සිය නිල ඇඳුමෙන් බවද ඔහු පැවැසුවේය.

නිත්‍ය හමුදාවේ තනතුරක් දරමින් ඇමැති වරප්‍රසාද සියල්ලම ලබාගන්නා ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ පස්සා ‍ෙදාරෙන් පාර්ලිමේන්තුවට පැමිණීම පවා නීති විරෝධී බවද හෙතෙම පැවැසීය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරමින් සිටියදී එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන ඔහුගේ පත්වීම මැතිවරණ කොමිසම පවා පිළිගෙන ඇතැයිද සිරිකොතේ පක්ෂ සාමාජිකත්වයද ලබාගෙන වෙනත් පක්ෂයක සිට තවත් පක්ෂයකින් නම් කරන ජාතික ලැයිස්තුවකින් පාර්ලිමේන්තුවට පැමිණිය හැකිද යන්න ගැටලුවක් බවද ඔහු වැඩිදුරටත් පැවැසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More