දේශීය පුවත්

ඉරිදා සිළුමිණ පුවත් පතට ගවේෂණාත්මක ලිපියක් ලියන සීගිරිය විශේෂ වාර්තාකරු අවධාරණය කර සිටින්නේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයිලත්තාව ප්‍රදේශයෙ පදිංචි ඇතුල් පේලිගේ පද්මිණි නැමිති දුගී කාන්තාවක් ඉඩමක් රජයෙන් පවාරාගෙන ජීවත් වූ බවත් ඇයගේ පවුලේ උදවිය පත්ව ඇති අසරණ භාවය හේතු කොටගෙන තවත් අඩු ආදායම් ලාභී කාන්තාවකට එය පවරා දෙන ලෙස ඇය ප්‍රාදේශීය ලේකම් වරයාගෙන් ඉල්ලා සිට ඇති බවත්ය.

ඒ අනුව වාර්තාකරු පවසන්නේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා විසින් එම ඉඩම ඉහළ ඇරැව්වල , දඹුල්ල යන ලිපිනයේ පදිංචි කාන්තාවකට පවරා දී ඇති බවයි. පදිංචිය තහවුරු කිරීම සඳහා ඇයගේ  හැඳුනුම්පතේ පිටපතක් ද ලේඛණයට අමුණා තිබී ඇති අතර ඉදිරිපත් වූ තොරතුරු අනුව ඇය අඩු ආදායම් ලාභියෙකි.

ග්‍රාමසේවකවරයා තහවුරු කළ ආකාරයට ඇයගේ මාසික ආදායම රුපියල් 7000ක් පමණය. සැමියා කරන්නේ ගොවිතැන්ය. දෙපළට දරුවන් නැත. ඉඩමේ වපසරිය රූඩ් 2යි පර්චස් 15.1කි.

එහෙත් තොරුතුරු වලට අනුව එවැනි කාන්තාවක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි වී නැත. ඉහළ ඇරැව්වල දඹුල්ල ලිපිනයේ පදිංචි එවැනි කාන්තාවක් ගැන කිසිදු තොරතුරක්ද නැත. කෙසේ වෙතත් මේ කාන්තාව කවරෙක් දැයි ඇය ඉදිරිපත් කර තිබූ ව්‍යාජ හැඳුනුම්පතේ රූපය අනුව ඇය මහත්මයෙක් සේ ලෝකය හඳුනාගත් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ බිරිය යහළි සංගක්කාර බව සීගිරිය විශේෂ වාර්තාකරු අවධාරණය කර සිටි.

මේ අතර කුමාර සංගක්කාර මහතා සිය “ෆේස් බුක්” ගිනුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ තමා හා තම බිරිය සම්බන්ධ පුවතක් අන්තර් ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවන බවත් එම පුවත ද්වේශ සහගත හා අසත්‍ය එකක් බවත් ඒ සම්බන්ධයෙන් සෑබෑ තොරතුරු ඉදිරියේදී හෙළිකිරීමට කටයුතු කරණ බවත්ය.

 

එම සම්පූර්ණ ලිපිය පහතින්…

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයාගේ බිරිඳ කෝටි ගණනක රජයේ ඉඩමක් ගිල්ල හැටි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More