දේශීය පුවත්

ඊයේ (06) දින අතුරුගිරිය, ගල්වරුසාව පාර, යුනිවර්සල් පාර්ක් නිවාස සංකීර්ණ භූමියේ දී ලක්දිව විශාලතම බෞද්ධ පුස්තකාලය සදහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම (මුල්ගල තැබීම) බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුරතින් සිදු කෙරුණ අතර මෙහිදී අදහස් දක්වමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කර සිටියේ මුස්ලිම් අන්තවාදී ප්‍රශ්නයට දේශපාලන උත්තර නොමැති බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඔවුන්ට පවරපු වැඩේ හැර අනෙක් සියලුම දේ සිදුකර ඇති බවත්ය.

1951 දී ආරම්භ කරන ලද ජමාතේ ඉස්ලාම් සංවිධානය ඔවුන්ගේ පොත්වල “සමස්ත මුස්ලිම් සමාජයම නොවුනත් සමස්ත මුස්ලිම් සමාජය වෙනුවෙන් එක්තරා මුස්ලිම් කණ්ඩායමක් වුවද ජිහාදයේ යෙදීම සෑහේ” යනුවෙන් සඳහන් කර ඇති බවත් මුස්ලිම් අන්තවාදී සංවිධානවලට නායකයන් නොමැති අතර ඔවුන්ගේ නායකයා ඔවුන් විශ්වාස කරන දෘෂ්ටිවාදය බවත් ඥානසාර හිමි මෙහිදී පැවසීය.

“සිංහල නායකයන්ගේ අසමගිය මේ රට විනාසයට කැඳවනවා නියතයි” යනුවෙන් සඳහන් කර සිටි උන්වහන්සේ දේශපාලන බෙදීම් පැත්තකින් තියලා ජාතියක් වශයෙන් ඉස්ලාම් අන්තවාදී ප්‍රශ්නයට මුහුණ නොදුන්නොත් ජාතියම විනාශ වන බව අවධාරණය කරන ලදි.

ක්‍රිස්තියානි මූලධර්මවාදය මුළු රාජ්‍ය යාන්ත්‍රයේම සිටින වගකිව යුතු බළධරයින් “බෝර්න් එගේන්” ක්‍රිස්තියානියට ගොදුරු කරමින් සිටින බවත් අනෙක් පැත්තෙන් ඉස්ලාම් අන්තවාදීන් පිළිකාවක් වගේ නලීමිලා වශයෙන් ස්ථානගතවී සිටින බවත් ඥානසාර හිමියෝ පෙන්වා දෙන ලදි.

සිංහල නායකයන්ට චෝදනා කරලා විනාශ නොකළ යුතු බවත් සිව්වනක් පිරිසම එකට එකතුවෙලා සියලුම නායකයෝ එකතු කරගෙන ඉස්ලාම් අන්තවාදයට මුහුණ දිය යුතු බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් කරුණු පෙන්වා දෙමින් අවධාරණය කරන ලදී.
(බොදුබල සේනා මාධ්‍ය ඒකකය)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More