ඊයේ (06) දින කුරුණෑගල, ගිරිබාව වේරගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අසමත් වූ යහපාලන ආණ්ඩුවේ දේශපාලකයන් අද ඒ සම්බන්ධයෙන් තමාට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට අනිවාර්යෙන්ම පියවර ගන්නා බවත්ය.
එම “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 13 වන අදියරට සමගාමීව විදුලි පහසුකම් නොමැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන ද ගිරිබාව වේරගල ගම්මානයේදී අරම්භ කෙරුණු අතර අනතුරුව මාදුරාගම ක්‍රිඩාපිටියට පැමිණි ජනාධිපතිවරයා ගම්වාසින් සමග සුහද පිළිසඳරක ද නිරත විය.
මෙහිද ගල්ගමුව යූ.බී. වන්නිනායක විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සමාෂි දිව්‍යාංජලී ශිෂ්‍යාව විසින් රචිත “කිරිඅත්තගේ සිහිනය” නැමැති කෘතිය ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...