දේශීය පුවත්

ඉන්දීය සාගරයට අදාළව ඉන්දියාව හා මාලදිවයින සමග සාමුද්‍රික ආරක්ෂක ගිවිසුමක් සඳහා වන එකඟතාවයකට මාර්තු 01 වනදා අත්සන් කර ඇති බව වාර්තාවේ.

මේ වනවිට ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව සමග එක්සත් ජනපදයේ භූ දේශපාලනික උපායමාර්ගික අවශ්‍යතාව මත QUAd, (QSD – Quadrilateral Security Dialogue) නමින් ගිවිසුමක් අත්සන්කර ඇත. ඉන්දියාව, එක්සත් ජනපදය සමග එක්ව කළාපයේ බලය සම්බන්ධ ආධිපත්‍ය කේවල් කරන අතර එක්සත් ජනපදයේ උපායමාර්ගික අවශ්‍යතා ඉටු කරන්නකු බවට පත්ව සිටී. මාල දිවයිනේ පාලනයද එක්සත් ජනපදයට වාසිදායක ලෙස 2018 ජනාධිපතිවරණයේදී පෙරලා ගැනීමේ ඉන්දියාවේ සැලැස්ම ද සාර්ථක විය.

නොවැම්බර් 3 අමෙරිකානු ජනාධිපතිවරණය ආසන්නයේ පවා එරට ආරක්ෂක ලේකම් මයික් පොම්පෙයෝ ලංකාවේ කළ සංචාරයට පෙරාතුව ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර තිබිණි. ඉන්පසුව ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයෙන් පසු ඔහු මාලදිවයින කරා ගිය අතර ආරක්ෂක ගිවිසුමක් සම්බන්ධ එකඟතා ඇතිකර ගෙන තිබිණි.

ඒ අනුව, ඉන්දියාව මැදිහත්ව අත්සන් කළ එම එකඟතාවය සැබැවින්ම ඉන්දිය සාගරයේ චීන බල ව්‍යාපෘතියට අභියෝග කරන එක්සත් ජනපද සැලැස්මක කොටසක් බවට විදේශ දේශපාලන විශ්ලේෂකයන් අදහස් පළ කර ඇත.

ලංකාවේ වත්මන් ආණ්ඩුව විසින් ද චීනය හා එක්සත් ජනපදය යෙදී සිටින බල අරගලයේ පොරපිටියක් බවට ලංකාව පෙරලා ගැනීමට හේතු ඇති කරමින් තිබෙන බවට ද ඔවුහු චෝදනා කරති.

මයික් පොම්පෙයෝගේ සංචාරයෙන් පසුව, ඉන්දියාව, මාලදිවයින හා ලංකාව අතර ආරක්ෂක කටයුතු සම්බන්ධ සාකච්ඡා 2020 දෙසැම්බරයේ පැවති අතර ඒම සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ගිවිසුමක් සම්බන්ධ අදහස ඇතිව තිබෙන බවද නිසැකවම එක්සත් ජනපද අවශ්‍යතා සමග රටවල් තුනේ ආණ්ඩුවල දේශපාලන නායකත්වයේ ස්ථාවරයන්ද මෙවැනි නව ගිවිසුමකට හේතු වන්නට ඇති බව නිරීක්ෂකයන්ගේ අනුමානය වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More