දේශීය පුවත්

ත්‍රිකුණාමළ වරාය ආසන්නයේ පිහිටා තිබෙන තෙල් ටැංකි සංකීර්ණය සතු අක්කර 100ක් මුලින් IOC සමාගමට ලබා දෙන බවද එය අක්කර 500 දක්වා පුළුල් කළ හැකි බව ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

මේ මඟින් IOC සමාගම විසින් දකුණු ආසියානු ඛණිජ තෙල් කේන්ද්‍රය ලෙසට තෙල් ටැංකි සංකීර්ණය සහ ත්‍රිකුණාමළ වරාය මෙන්ම ආශ්‍රිත භූමි ප්‍රදේශය ද යොදා ගැනීමට නියමිතය.

මේ අතර මීට පෙර ඛණිජ තෙල් ඇමති උදය ගම්මන්පිල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ මේ වනවිටද ඓOC සමාගමට ලබා දී තිබෙන තෙල් ටැංකි සංකීර්ණයට අයත් තෙල් ටැංකිවල අයිතිය ලංකාවට ලබා දීමට ඉන්දීය මහකොමසාරිස්වරයා එකඟ වූ බවය. එහෙත් ඇමතිවරයා එම ප්‍රකාශ කර පැය කිහිපයක් යාමට පෙර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඒ බව ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මේ වනවිට ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හෙළි කර තිබෙන කරුණු අනුව එම තෙල් ටැංකි සංකීර්ණය මුළු මනින්ම ලංකාවට අහිමි වී එම වරායද අහිමි වන තත්වයක් උදා වී ඇති බව සනාථ වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More