දේශීය පුවත්

කුරුණෑගල, ගිරිබාව වේරගල ප්‍රදේශය ඊයේ (06) පැවැති”ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 13 වන අදියරට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට අනිවාර්යෙන්ම පියවර ගන්නා බවයි.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අසමත් වූ යහපාලන ආණ්ඩුවේ දේශපාලකයන් අද ඒ සම්බන්ධයෙන් තමාට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

“ගම සමඟ පිළිසඳර” වැඩසටහන්ට සමගාමීව විදුලි පහසුකම් නොමැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන ගිරිබාව වේරගල ගම්මානයේදී අරම්භ කිරීමද විශේෂත්වයකි.

පසුව ජනාධිපතිවරයා ජනතාව අමතමින් ප්‍රකාශ කළේ, පාස්කු ඉරිදා ප්‍රහාරයට මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිවරයා පමණක් නොව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සමස්ත රජයම වගකිවයුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ කාදිනල් හිමිපාණන්ගේ වේදනාව සාධාරණ බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More