දේශීය පුවත්

තෙල් මිල සූත්‍රයට අනුව මින් පසු සෑම මාස දෙකකට වරක්‌ම ඉන්ධන මිල ගණන් සංශෝධනයක්‌ වන බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා ඊයේ (10 දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

මේ අනුව ඉකුත් මාස දෙකේ ඉන්ධන මිලට බලපාන මිල සූත්‍රයේ සාධක වෙනස්‌වීම් අනුව අදාළ මාසයේ 05 වැනිදාට මේ මිල සංශෝධනය සිදුවන බවද ඒ අනුව දේශීය ඉන්ධන මිල ගණන් වැඩිවීම සහ අඩුවීම යන දෙකම සිදුවනු ඇති බවද ඇමැතිවරයා කීවේය.

මේ ඉන්ධන මිල ගණන් සංශෝධනය නිසා මහා භාණ්‌ඩාගාරයට රු. කෝටි 5500 ක ඉතුරුවක්‌ සිදුවන බවද එම මුදල් “ගම්පෙරළිය” නම් සීඝ්‍ර ග්‍රාමීය සංවර්ධන වැඩසටහනට යොදවන බවද මුදල් ඇමතිවරයා කීවේය.

මේ යටතේ සෑම ගමකම හරිත උද්‍යානයක්‌ ඇති කරන බව කී මුදල් ඇමතිවරයා ඉන්ධන මිල ගණන් වැඩි කළත් ධීවරයන්ට සහ අඩු ආදායම්ලාභීන්ට භූමිතෙල් සහන මිලට ලබාදෙන බවද කීවේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පෙට්‍රල් ලීටරයකට ඇති රජයේ බද්ද කොපමණ දැයි “දිවයින” ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඇමැති මංගල සමරවීර මහතා කීවේ පෙට්‍රල් ලීටරයක්‌ මත රු. 58.88 ක බද්දක්‌ රජය අය කරන බවයි.

වෙනත් රටවලට සාපේක්‌ෂව මේ බදු මුදල් ශ්‍රී ලංකාව අය කරන්නේ අඩුවෙන් බව මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා මෙහිදී කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More