දේශීය පුවත්

ඊයේ (05) දින “දිවයින” පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කර සිටියේ දිනෙන් දින ඉහළ යන බඩු මිල ඇතුළු ආර්ථික අපහසුතා මධ්‍යයේ ජනතාව දැඩි ඉවසීමෙන් කටයුතු කළත් මැති ඇමැතිවරුන් ඇතුළු පාළකයන්ගෙන් එවන් පරිත්‍යාගශීලී බවක් තමන් වහන්සේ නොදකින බවත් නත්තල, වෙසක් උත්සවය වැනි සමාජ බැඳීම් ඇති ජාතික උත්සව කිහිපයක් කොරෝනා වසංගත තත්ත්වය නිසා යටවූවත් ඉදිරියේදී පැමිණෙන සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද හෝ යම්තාක් දුරකට සැමරීම වෙනුවෙන් ජනතාවට සහන ලබා දීමට රජය පියවර ගත යුතු බවත්ය.

බඩු මිළ අඩු කර ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් යාන්ත‍්‍රණයක් ඇති කර යම් මෙහෙයුමක් ආරම්භ කළ යුතුව ඇතැත් ඒ වෙනුවෙන් පෙරමුණ ගැනීමට රජය අපොහොසත් වීම තුළ ජනතාව අසරණ භාවයට පත්ව ඇතැයි ද; රජය මගින් මිළ අඩු කරනු ලබන ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස මගින් ලබාදෙන බව කීවත් රට පුරා සතොස ශාඛා නොමැති වීම නිසාත් තිබෙන ඒවායේදී රජය අඩු කළා යැයි කියන මිළට භාණ්ඩ නොමැති වීමත් නිසාත් ගම්වල වෙසෙන පරිප්පු, සම්බෝල සමඟ බත් කන අහිංසක දුප්පත් ජනතාව අද අන්ත අසරණ භාවයට පත්ව ඇති බව ද උන්වහන්සේ පැවසූහ.

ගැසට් ගසා සහල් මිළ අඩු කර ඇතැයි පැවසුවත් එම පාළන මිළට සහල් නොමැති වීම දරාගත නොහැකි දුකක් බවට පත්ව ඇතැයි ද කී උන්වහන්සේ රජයේ වගකිවයුතු පිරිස මෙම ප‍්‍රශ්නය අතට ගෙන රට වැසියාගේ දරු පැටව් ජීවත් කරවීම වෙනුවෙන් සැලැස්මක්, නිසි කළමනාකරණයක් සහ යාන්ත‍්‍රණයක් ඇති කළ යුතු බව ද අවධාරණය කළහ.

රට තුළ අද ඇති වී තිබෙන ප‍්‍රශ්න කීමට කෙනෙකු නොමැති වීමත් එයට වගකිවයුතු අයිතිකාරයකු නැති වීමත් තුළ මැතිවරණවලදී පෙනී සිටි මහ වියතුන්, බුද්ධිමතුන් මේ මොහොතේ ඉදිරියට පැමිණ “වැඩ” පෙන්විය යුතු මොහොත එළැඹ ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

රජය පත් කිරීම වෙනුවෙන් දර දිය ඇද්ද කිසිවකුට අද සහනයක් ලැබී නැති බවත් කී ඇල්ලේ ගුණවංශ හිමියෝ අද වනවිට රටේ කිසිම ආයතනයක් පිළිබඳව පසු විපරම් කිරීමක් සිදු නොවන බව ද වැඩිදුරටත් කියා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More