දේශීය පුවත්

ඉන්දිය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක අනුරාද් ශ්‍රී වාස්තව විසින් කළ ප්‍රකාශයකින් අනාවරණය වන්නේ ඉන්දීය අදානි සමාගම කොළඹ වරාය බටහිර පර්යන්ත පාළනය හිමිකර ගෙන ඇත්තේ ලංකාවේ ආණ්ඩුව සමග ඍජු ගනුදෙනුවක් හරහා බවත් ඉන්දිය රජය ඊට සම්බන්ධ නැති බවත්ය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් අදානි සමාගම ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනා තහවුරු කළ බවට ලංකාවේ ආණ්ඩුව කර ඇති ප්‍රකාශය නිවැරදි නොවන බවත් මෙම වරාය ගණුදෙනුවේදී ලංකාවේ ආණ්ඩුව අදානි ව්‍යාපාරය සමග ඍජු ලෙස කටයුතු කර ඇති බවත් සිය වැටහීම බවයි.

කොළඹ වරායේ යෝජිත බටහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය ඉන්දිය-ජපන් හවුල් වයාපාර සමාගමක් විසින් 85%ක කොටස් හිමිකාරත්වයෙන් පවත්වාගෙන යාමට සහ වරාය අධිකාරියට කොටස් 15%ක් පමණක් තබා ගැනීමටත් ආණ්ඩුව තීරණය කළ බව පසුගිය දිනවල ප්‍රකාශ විය. ඒ පිළිබඳ මාර්තු 02 දින “ද හින්දු” පුවත් පතේ පළවූ වාර්තාව පහත ලින්ක් එකෙන්. https://www.thehindu.com/news/international/sri-lanka-now-clears-indian-investment-at-another-colombo-port-terminal/article33969407.ece

අදානි සමාගම මෙම ආයෝජනයට සම්බන්ධ වුවද ජපන් සමාගමක් හෝ වෙනත් කිසිදු ආයෝජකයෙක් මීට සම්බන්ධ නොවන බැවින් මෙය අදානි සමාගමට පැවරීම වසං කිරීමට ජපන් හා ඉන්දිය හවුල්කාරිත්වයක් ගැන ප්‍රකාශ කළ බවටද අනුමාන කෙරේ.

මෙම ආයෝජන ව්‍යාපෘතිය වසර 35ක් සඳහා ඉදිකිරීම, පවත්වාගෙන යාම හා පවරා දීම ක්‍රමයට සිදුවන බවද ප්‍රකාශ වූ අතර නව වරාය ජැටිය වසර 35ක් භාවිත කිරීමේදී ලංකාවේ වරාය අධිකාරියට හෝ මෙරට ආර්ථිකයට අහිමිවන වාසිය කිසිසේත් පිළිගත හැකි තත්වයක් නොවන බවට පාර්ශ්ව ගණනාවකින් විරෝධය පළ විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More