පසුගියදා ව්‍යවස්ථා සම්පාදන කමිටුව හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ප්‍රධානීන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ, සාගර කාරියවසම් යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිස ව්‍යවස්ථා සම්පාදන කමිටුව වෙත සිය මතය ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත්කළ විද්වත් කමිටුව වෙත කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරන බවයි.
එහිදී කමිටුව වෙත කරුණු දැක්වූ බැසිල් රාජපක්ෂ හා මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු අවධාරනය කර ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේදී මහජන සාක්ෂි විමසීමකින් තොරව දේශපාලන පක්ෂවල අදහස් පමණක් ලබාගෙන ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම යුක්තිසහගත නොවන බව තම මතය බවයි.
එහෙත් කමිටුවේ නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ රටේ මිලියන 22ක් වන ජනතාව සම්පූර්ණයෙන් මෙම ක්‍රියාවලියට දායක කරගත නොහැකි නිසා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් හා ජනතා නියෝජිතයන්ගෙන් අදහස් ලබා ගැනීමට කටයුතු කරණ බවයි.
නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයන් එය පිළිගෙන නැති අතර එම නිසාම ව්‍යාකූල තත්ත්වයක් හටගෙන තිබේ. මෙම විද්වත් කමිටුවේ ප්‍රධානියා වන්නේ ව්‍යවස්ථා නීතිය සම්බන්ධයෙන් දැනට මෙරට සිටින විශාරදයකු වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...