දේශීය පුවත්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමේ සැලැස්මක් ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි.

එහි කැදවුම්කරු මේජර් අජිත් ප‍්‍රසන්න මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

මෑතකදී සම්මත කරන ලද අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අනුව ඉතා නුදුරේදීම ගෝටාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගෙන සති හතරක් ඇතුලත නඩුව අසා දෙන තීන්දුව අනුව ගෝටාභය වැලිකඩ හෝ බෝගම්බර හිරගෙදර දැමීම සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.

ත‍්‍රිපුද්ගල මහාධිකරණයකින් නඩුව ඇසු නිසා ඇප නොලැබෙන බවත් ශේෂ්ඨාධිකරණයේ ඇප ඉල්ලූවද එය ලයිස්තුවට ඒමට පමණක් වසර එකහමාරක් ගතවන බවත් ඒ වන විට 2020 ජනාධිපතිවරණය අවසන් වී තිබෙන බවත් ඔහු සදහන් කලේය.

එවන් තත්වයකදී ඒකාබද්ද විපක්‍ෂයෙන්ද ගෝටාභය රාජපක්‍ෂ මහතාට නාම යෝජනා නොලැබෙනු ඇතැයිද ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More