රටම කම්පාවට පත් කරමින් පසුගිය 01 වැනිදා වේල්ලවීදියේ තිබී සොයා ගත් තරුණියගේ දේහය පිළිබඳව මූළික පරික්ෂණවලදී ඇයව හඳුනා ගැනීමට සහ ඝාතනය පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒවා ලබාදීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් වේල්ලවීදියේ පොලිස් ස්ථානයේ දුරකථන අංකය සහ කොළඹ පොලිස් හදිසි ඇමතුම් අංශයේ දුරකථන අංකයන් ප්‍රසිද්ධියට පත් කල අතර; මෙම දුරකථන අංක ප්‍රසිද්ධ කිරීමත් සමඟ එම තරුණිය තමන්ගේ දියණියද?, බිරිඳද?, සහෝදරියද? යැයි අසා දුරකථන ඇමතුම් 200කට අධික ප්‍රමාණයක් ලැබී තිබුණු අතර සමහර පිරිස් විසින් වට්ස්ඇප් මාර්ගයෙන් තමන්ගේ බිරිඳ සහ දියණියගේ ඡායාරූපද එවා තිබූ බව පොලීසිය විසින් ප්‍රකාශයට පත් කෙරුණි.
මේ පිළිබඳව සංවේදී වූ කුරුවිට ප්‍රදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වන මිය ගිය තරුණියගේ සහෝදරයා විසින් මෙරට සියලු දෙමාපියන්ගෙන් මෙම ඉල්ලීම කර තිබේ.
“200කට ආසන්න ප්‍රමාණයක් විතර කතා කරලා තියෙනවා මෙහෙම කාන්තාවන් පිළිබඳව. මටත් දැකගන්නට ලැබුණා ඒ සම්බන්ධවම ලැබිච්චි තරුණියන්ගේ පොටෝ කිහිපයක්”.
“මට කියන්න තියෙන්නේ ඉතින් මගේ නංගීට වෙච්චි දේ ආයේ වෙන කාටවත් සිදු නොවේවා කියල. මට ඉල්ලන්න තියෙන්නේ දෙමාපියන්ගෙන් දරුවන් ගැන අවධානය යොමු කරල ඉන්න කියලා. ඒක තමා ඉතින් කරන්න තියෙන්නේ මොකද මේ සිදුවීමත් එක්ක 200කට ආසන්න ප්‍රමාණයක් කෝල් කරනවා කියන්නේ රටේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා…”

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...