මධ්‍යම පරිසර අධිකාරියේ, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ආරාධනයෙන් ජාතික ශිල්ප සභාව හා එක්ව විශේෂිතව හඳුනාගත් ප්‍රදේශයන් හී තෙල් කඩදාසි මල්මාලා සැකසීම පිළිබඳ මල්කරුවන් දැනුවත් කිරීමේ වැඩමුලු සංවිධානය කර එකී පුහුණුව ලබා දීමට පියවර ගෙන ඇති බත් බෙල්ලන්විල, පිල්ලෑව, කැලණිය, කතරගම, නවගමුව දේවාල වැනි ලංකාව පුරා ඇති විශේෂිත පූජා නගර ආශ්‍රිතව සිදු කෙරෙන පොලිතීන් මල් මාලා නිෂ්පාදනය තහනම් කිරිමට පියවර ගන්නා බවත් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පවසයි.
පරිසර ආරක්ෂණ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාවට නැංවෙන පොලිතීන් භාවිතය අවම කිරීමේ ව්‍යාපෘති වල තවත් එක් අංගයක් ලෙස පොලිතීන් මල්මාලා භාවිතයෙන් ඉවත් කෙරෙන බවත් එම පොලිතීන් මල් මාලා භාවිතයෙන් ඉවත් කිරීමේ මුල් පියවර ලෙස ඒ සඳහා ආදේශකයක් ලෙස පරිසර හිතකාමී මල් මාලා සහ තෙල් කඩදාසි වලින් නිමවන මල් මාලා හඳුන්වාදීමට මාර්තු මස 22 දා සිට පියවර ගනු ලබන බවත් ඔහු වැඩිදුඅරටත් පැවසීය.
බෙල්ලන්විල,කැළණිය,කතරගම,රත්නපුර සමන් දේවාලය වැනි විශේෂිත පූජා භූමි ආශ්‍රිතව මෙන්ම කුඩා දේවාල වලින් දිනපතා ඉවතලන ප්ලාස්ටික් මල්මාලා වාර්ෂිකව විශාල පරිසර හානියකට මගපාදමින් ගංගා ආශ්‍රිත කලාපවල විශාල ගැටලු ඇති කර ඇති බවද ඒ මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...