දේශීය පුවත්

සති අන්ත පුවත් පතක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යය වාසුදේව නානයක්කාර මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂයේ යම්කිසි දේශපාලන වගකීමක් තිබිය යුතු බව තමාද පවසන බවයි.

එහිදී ඇමැතිවරයා අවධාරණය කර සිටියේ එසේ නොවුණහොත් රාජ්‍ය පාලනයට ලැබිය යුතු දේශපාලන පෝෂණය ජනාධිපතිවරයාට නොලැබෙන බවත් දේශපාලන පක්ෂයක තනතුරක් දැරීමෙන් ජනාධිපතිතුමා එම දේශපාලන කණ්ඩායම්වල මතවාදයන් තුළින් පෝෂණය වන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භයේ දී දේශපාලන චරිතයක් නොවන නමුත් දැන් එතුමාට දේශපාලන පරිචයක් අවශ්‍ය බවත් ඒ අනුව තමන් යෝජනා කරන්නේ පක්ෂයේ නායකත්වය නොව ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂයේ සභාපති ධූරය පිරිනැමිය යුතු බවත් එතුමා පාලකයෙක් පමණක් යයි කියා පැත්තකට කර තැබීමට නොහැකි බවත් වාසුදේව මහතා තවදුරටත් පවසා සිටියි.

එහිදී වාසුදේව අමාත්‍යයවරයා යෝජනා කරන්නේ සියළු පක්‍ෂ නියෝජනය වන සන්ධානයේ සභාපති ධුරය ජනාධිපතිතුමාට සුදුසු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More