මුහුණු පොතෙන්
අසූව දශකයේ මුල් භාගයේ විශ්වවිද්යාල ශිෂ්යයෙකු ලෙස මගේ අදහස වූයේ විශ්වවිද්යාලය තුළට දේශපාලනය ගාවා ගැනීම අනවශ්ය බවයි. කිසිදු දේශපාලන පක්ෂයක ඉත්තකු නොවී ස්වාධීනව ශිෂ්ය සටන් මෙහෙය විය යුතුය යන මතයේ මා සිටියා. එදා පේරාදෙනියේ ඉංජිනේරු පීඨයේ වැඩිම සිසුන් පිරිසක් පවා හිටියේ එම මතයේයි. වතාවක් මහා ශිෂ්ය සංගමය නියෝජනය කරන්නට ඉංජිනේරු පීඨ නියෝජිතයා ලෙස ආනන්ද ඉඩමේගම තෝරාගන්නවාට අප විරුද්ධ වුණේ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකුව සිටි නිසයි. කිසියම් දේශපාලන පක්ෂයක් මගින් ශිෂ්ය සටන් මෙහෙය වනවා යනු තීන්දු තීරණ ගන්නේ පක්ෂයේ විශ්වවිද්යාලය තුළ නොසිටින පක්ෂ නායකයින් බව අප විශ්වාස කළා. 82 ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීරට මගේ පළමු ඡන්දය ලබා දුන්නත් එකල මා ජවිපෙ අනුගාමිකයෙකු හෝ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ක්රියාධරයකු වූයේ නැහැ.
අන්තනෝමතික ලෙස ආනන්ද ඉඩමේගම ඇතුළු ශිෂ්යයන් පිරිසකගේ ශිෂ්යභාවය අහෝසි කොට ඉතා තිරස්චීන ලෙස ශිෂ්යයන් මර්දනය කරමින් විශ්වවිද්යාල පරිපාලනය කටයුතු කරන විට විශ්වවිද්යාලය තුළ ශිෂ්ය සටන් මෙහෙයවීම සඳහා දේශපාලන මැදිහත්වීම අවශ්ය බව මා තේරුම් ගත්තා. මම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා සම්බන්ධ වීම ආරම්භ වන්නේ ඒ කාලයේ, එනම් විශ්වවිද්යාලයෙහි මගේ අවසන් වසරේ අවසාන කාලයේ සිටයි.
ජවිපෙ දේශපාලන සඳහා මට කොක්ක ගසන්නේත් ආනන්ද ඉඩමේගමයි. ඉන්පසුව මගේ ක්රියාකරීත්වය ගැන මෙහි සඳහන් කරන්න අවශ්ය නෑ. විශ්වවිද්යාල දේශපාලනයෙන් දේශපාලනයට බට ආනන්ද ඉඩමේගම පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙළ නායකයෙකු බවට පත්වෙමින් එවකට රාජ්ය නායකයා සමග වූ සාකච්ඡා සඳහා සහභාගී වුණේ ධම්මික මහත්තයා නමින්. එකල විශේෂයෙන් තෝරාගත් දිනයන්හි තෝරාගත් ස්ථාන වලදී අප මුණගැසුණා.
ආනන්ද ඉඩමේගම අවසාන වතාවට මට දකින්න ලැබුණේ 1989 වසරේ මැද භාගයේ දවසක පිටකොටුවේ ගුණසේන පොත්හල ඉදිරිපිටදී. කලින් යොදා ගත් ආකාරයට අප එතනදී හමුවන්නට කතිකා කොට ගෙන තිබුණත් ඔහු පැමිණ මා සමඟ කතා නොකර ඉදිරියට ගියා. මා අසලින්ම යන ගමන් බිම බලාගෙන කිව්වේ බාප්පලා පස්සෙන් එනවා.. වෙන දවසක මුණගැසෙමු කියායි.
ආනන්ද ඉඩමේගම අතුරුදහන් වීමත්, ඝාතනයක් දැනගන්නට ලැබීමෙන් මා අතිශය කම්පාවට පත්වුණා. මා ඔහු පිළිබඳ පුවත්පත් කවි පිටුවකට කවියක් ලිව්වා. එහි මාතෘකාව
අපේ කාලයේ වීරයෙක්
“අමන රුදු යකුන් හා සටනකට එළැඹුණේ…
අනුන් පාවා නොදුන් නුඹ නොමැත පැරදුණේ..
අපියි අද අසරණව මහ මගෙහි තනිවුණේ…
වීරයෙකි අපේ කල නැතත් නුඹ රජ වුණේ…
මෙහි දැක්වෙන පැරණි ඡායාරූපයේ ඉන්නේ ආනන්ද ඉඩමේගම. සරසවි කාඩ් එක දඬුලේනා…
අනෙක් ඡායාරූපයේ සිටින්නේ දඬුලේනාගේ වැඩිමහල් සොහොයුරු බන්දුල ඉඩමේගමයි(Bandula Idamegama).
බන්දුල විවාහ වී සිටින්නේ උතුරේ සටන් පැවැති කාලයේ 2005 වසරේ පැහැරගෙන ගොස් ඝාතනය කළ මාධ්යවේදී තාරකී හෙවත් ධර්මරත්නම් සිවරාම්ගේ බිරිඳ බවානිගේ බාළ සොහොයුරිය සමඟයි.
බන්දුල කියන්නේ අරගල දෙකක දී ඝාතනයට ලක්වූවන්ට සම්බන්ධ වින්දිතයෙක්. පසුගිය දවසක සන්ධ්යා කාලයේ මුණගැසුණ බන්දුල අයියා(වරෙක මගේ ගමන් සගයෙකු වූ ආනන්ද නිසා අයියා කිව්වත් ඔහු මට වඩා වැඩිමල් වන්නේ දවස් 10 ක් පමණයි.) එකල තමන්ව පැහැරගෙන ගොස් වධ බන්ධනයට ලක් කළ ආකාරය සිහිපත් කළා. ඒ තම සොහොයුරු ආනන්ද කළ දේශපාලනයට හිලව් වශයෙන් කළ පැහැරගැනීමක්.
අප ගත කරන්නේ බෝනස් ජීවිත බව බන්දුල ඉඩමේගම යළිත් වතාවක් මට සිහිපත් කළා.
හෙන්රි වර්ණකුලසුරිය


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More