මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු අපරාධකරුවන් 32ක් අධිකරණය හමුවට ගෙනඒම සඳහා අවශ්‍ය ප්‍රබල සාක්ෂි පවතින බවයි.
එහිදී අමාත්‍යයවරයා පවසා සිටියේ මේ වනවිටත් නඩු පැවරීමට අවශ්‍ය තොරතුරු අඩංගු විශාල ලිපිගොනු 08ක් නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි. පාස්කු ඉරිදා කොමිසම යනු අතිරේක ක්‍රියාවලියක් බව පවසන අමාත්‍යයවරයා සැකකරුවන්ට එරෙහිව ප්‍රභල සාක්ෂි පවතින බවත් ඒ පුද්ගලයන්ට එරෙහිව අධිකරණයේ නඩු ගොනු කිරීමට ඒවා ප්‍රමානවත් බවත් පවසා සිටියේය.
එහිදී මාධ්‍යවේදින් “සාරාගේ” වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු දෙමින්,
“සාරා පලා ගියාද කියලා පැවසීමට අපිට හැකියාවක් නැහැ. පලා ගියා යනුවෙන් ව්‍යාජ පණිවුඩය එවා වෙන ස්ථානයක සැඟවී සිටිනවාද කියා දන්නෙත් නැහැ. එසේ නැතිනම් ඇය මිය ගියාද යන්න්න අපි දන්නෙත් නැහැ. ඒ අනුව නිවැරදි කරුණු අනාවරණය කර ගැනීමට දැනට පරීක්ෂණ පවත්වාගෙන යනවා,” යනුවෙන් ඇමතිවරයා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...